අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රණවිරුවන් පාවා දෙමින් කැබිනට් මාධ්‍ය හමුවේදී කළ ප‍්‍රකාශයට පිළිතුරු නොදුන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා වහාම එම තනතුරින් ඉල්ලා අස්විය යුතු යැයි පාර්ලමේන්තු මන්ත‍්‍රී දිලුම් අමුණුගම මහතා අද (17) පැවැසීය.
අමාත්‍යවරයාගේ ප‍්‍රකාශයට විරෝධය දක්වමින් කිසිම මින් ඉදිරියට කිසිදු හමුදා නිළධාරියෙකු හමුදා මාධ්‍ය ප‍්‍රකාශක තනතුර භාර නොගත යුතු යැයිද මන්ත‍්‍රීවරයා කීය.
‘‘ත‍්‍රස්තවාදීන් පරාජය කිරීමේ සටන මෑත කාලයේදී ආරම්භ වුනේ ඇමරිකා එක්සත් ජනපදයෙන්. නුමත් ත‍්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම මර්ධනය කරන්න හැකියාවක් ලැබුනේ අපේ රටේ ත‍්‍රිවිධ හමුදාවන්ට පමණයි. ඒ නිසා අපේ හමුදාය ලෝකයේම කීර්තියක් අත්කරගත් විනය අතින් ඉතාම ඉහළ තත්ත්වයක සිටින හමුදාවක් බව කියන්න ඕන. ඒ හමුදාවට විරුද්ධව ඩයස් පොරාව ඇතුළු එල්.ටී.ටී.ඊ හිතවාදීන් ප‍්‍රකාශ කළාට කමක් නැහැ.
මගේ පියත් හමුදා ක‍්‍රියාන්විතයේ සිටි මේජර් ජෙනරල් වරයෙක්. රාජිත සේනාරත්න අමාත්‍යවරයා මෙම ප‍්‍රකාශය කරන්නේ හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහත්තය තමන්ට අල්ලපු ආසනයේ ඉන්නවිටයි. ඇමතිවරයාගේ ප‍්‍රකාශය ගැන ප‍්‍රකාශයක් යමක් කියන්න හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයාට නොහැකිවුණා.
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...