දේශීය පුවත්

යම් කණ්ඩායමක් වෙනුවෙන් පෙනී සිටින බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර මහතා සඳහන් කර සිටියේ තම කණ්ඩායම විසින් ගොඩ නැගූ “දෙවන පරපුර” කිසිසේත්ම කිසිදු කණ්ඩායමකට යටත් නොවන බවයි.

“මම ලංකාවට එනකොට මාධ්‍ය ආයතන කිහිපයක් සමග සම්මුඛ සාකච්ඡාවක් කළා. ඒ කාලය වනවිට ඒ තිබුණ දේශපාලනයත් සමග යම් යම් කරුණු කිහිපයක් පැහැලිදි කළා. ඒ කරුණුවලින් පොඩි කොටසක් කපලා අරගෙන එයත් සමග ගැටගසා යම් බංකොලොත් වූ දේශපාලන පක්ෂ කිහිපයක් යම් යම් කරණු කිහිපයක් ක්‍රියාත්මක කරනවා.”

“ඉතින් මම හිතනවා කාලයත් සමග මේ දෙයට පිළිතුරු දෙන්නට හැකිවෙයි. ප්‍රායෝගිකව අපි මොකක්ද කරන්නේ, මොනවාගේ ගමනක්ද අපි යන්නේ කියල ජනතාව තේරුම් ගනීවි. මම පැහැදිලිවම කියනවා ඔය කියන ව්‍යාපාරිකයෙකුගේ මුදල්වලට යටත් වෙලාත් නැහැ. අපි කිසිම කෙනෙකුගේ බලල් අතකුත් නොවේ.”

“මේක ස්වාධීනව යන ගමනක්. නමුත් අපි ඕනෑම වෙලාවක ඕනෑම දේශපාලන පක්ෂයක, ඕනෑම දේශපාලන ධාරාවක නියුතුවෙලා සිටින පුද්ගලයින් එක්ක සාකච්ඡා කරන්න සූදානම්. මොකද අපිට මිනිස්සු ඕනේ. ඒ මිනිස්සු මේ රටේ ඉන්න මිනිස්සු.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More