දේශීය පුවත්

අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටින්නේ සොබාදහම සමගවන ජීවිතයේ වටිනාකම ඉස්මතු කරන සිංහල හින්දු අලු‍ත් අවුරුද්ද වැනි සංස්කෘතිකමය උත්සව අවශ්‍යයෙන්ම සමාජයටත් ලෝකයටත් ආශිර්වාදයක් බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේද පවසා සිටී.

චිරාත් කාලයක් මුළුල්ලේ පැවතගෙන එන සංස්කෘතිකමය හරය විදහා දක්වන මුදුන්මල්කඩක් ලෙස සිංහල හින්දු අලු‍ත් අවුරුද්ද හඳුන්වා දිය හැක. වසර දහස් ගණනක් තිස්සේ මෙරට ජනතාව ඉමහත් උත්කර්ෂවත් ලෙස මේ මහා සංස්කෘතික මංගල්‍යය සැමරූ අතර එක් අතකින් ජාතික සමගියේත් තවත් අතකින් සහජීවනය සහෝදරත්වය බෙදාහදා ගැනීම වැනි යහ සංකල්ප කුලු‍ගන්වන උත්සවයක් ලෙසත් අලු‍ත් අවුරුද්ද විශේෂිත වෙයි.

මානවයා සහ සොබාදහම අතර පවතින්නේ අන්‍යෝන්‍ය බැඳීමක් මෙන්ම අන්‍යෝන්‍ය අරගලයකි. එම අරගලය තුළ මානවයා තාවකාලික ජයග්‍රහණයක් අත්පත්කරගෙන ඇතත් සොබාදහමට සමීපවීම මිස සොබාදහමින් දුරස් වීම මානව වංශකතාවේ පැවැත්මට හිතසුව පිණිස නොවන බව අද වනවිට වෙන කවරදාටත් වඩා තිර ලෙස සනාථ වී තිබේ.

ඔබ සැමට සුභ නව වසරක් වේවා!



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More