දේශීය පුවත්

මෙවර සිංහල හා හිංදු අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරන අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් විනය ගරුක ජනතාවක් ලෙස ජනතාව කළ කැපකිරීම නිසා, අලු‍ත් අවුරුද්ද මේ තරමින් හෝ නිදහසේ සැමරීමට අවස්ථාව උදා වී ඇති බවයි.

ඔහු එම පණිවුඩයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ නැවුම් බලාපොරොත්තු ඉටුවන සිංහල හින්දු අලු‍ත් අවුරුද්දක උදාව නිමිත්තෙන් සුභාශිංසන පළ කරනුයේ ඉමහත් සතුටිනි. අපේ රටේ ජනතාව අනාදිමත් කාලයක සිට හෙළ චාරිත්‍ර වාරිත්‍රවලට මුල් තැන දෙමින් හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය සමඟ එක්වෙති. ගොවිතැන මූලික හරය කරගනිමින් මිනිසුන් අතර බැඳී පවතින සංස්කෘතිකමය වටිනාකමකින් යුතු සමාජ පිළිවෙත් අලු‍ත් අවුරුද්ද සමඟ යළි සිහිපත් වේ.

රජය දුන් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් විනය ගරුක ජනතාවක් ලෙස ඔබ කළ කැපකිරීම නිසා, අලු‍ත් අවුරුද්ද මේ තරමින් හෝ නිදහසේ සැමරීමට අවස්ථාව උදා වී තිබේ. එබැවින් සෞඛ්‍ය පිළිවෙත් සිහි තබාගනිමින් සංස්කෘතිමය වටිනාකම් රැක ගැනීම අප සියලු‍ දෙනාගේ වගකීමකි.

ලක්වාසී සියලු දෙනාටම සුභ නව වසරක් වේවා!



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More