දැනට වසර 60කට පෙර 1961 අප්‍රේල් 12 වන අද වැනි දිනකදී තම මවු බසින් “Poyekhali!” (Let’s Go!) යනුවෙන් පවසා ලොව අභ්‍යවකාශ තරණයේ දැවැන්ත සංධිස්ථානයක් සටහන් කරමින් තම අභ්‍යවකාශ ගමන ඇරඹූ යුරී ගගාරින්ගේ එම අභ්‍යවකාශගත ප්‍රථම මිනිසා බවට පත්වීමේ 60වන සංවත්සරය සමරමින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින රුසියානු අභ්‍යවකාශගාමීන් විසින් සුභපැතුම් පණිවිඩයක් එවා තිබේ.
මානව අභ්‍යවකාශ තරණයේ ඓතිහාසික ආරම්භක දිනය ලෙස සැලකෙන යුරි ගගාරින්ගේ මෙම වික්‍රමාන්විත අභ්‍යවකාශ ගමන සිහිපත් කිරීම වෙනුවෙන් 2011 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් “මානව අභ්‍යවකාශ තරණයේ ජාත්‍යන්තර දිනය” ලෙස අප්‍රේල් 12 වන දිනය නම් කිරීමට පියවර ගැණුනි.
1961 දෙසැම්බර් 07 වන දින රත්මලාන ගුවන් තොටුපළින් ලංකාවට සැපැත්වූ යුරි ගගාරින් මහතාව එවකට නියෝජ්‍ය මුදල් ඇමතිව සිටි ජෝර්ජ් රාජපක්ෂ මහතා විසින් පිළිගැනීමෙන් අනතුරුව අරලියගහ මැදුරේදී අගමැතිණී සිරිමවෝ මැතිණිය මුණගැසුණි. එහිදී ප්‍රකට කළාශිල්පී ජයන්ත ප්‍රේමදාස මහතා සිතුවමට නගා තිබූ ගගාරින්ගේ ඡායාරූපී සිතුවම ඔහු විසින් ගගාරින්ට පිළිගැන්වූ අවස්තාවේ යුරි ගගාරින් මහතා ඉමහත් ප්‍රීතියට පත්වී තිබේ.


දෙසැම්බර් 08 වන දින දකුණු මුහුදු තීරයේ සුන්දරත්වය විඳිමින් සිය බිරිඳ වැලන්ටිනා මහත්මිය සමග මොරටුව, පානදුර, කළුතර, අලුත්ගම, අම්බලන්ගොඩ, ගාල්ල, වැලිගම සහ මාතර පසුකරමින් තංගල්ල දක්වා ගමන් කිරීමේදී ඔහු දැකීමෙන් ප්‍රිති ප්‍රමෝදයට පත්වූ මග දෙපස රැස්ව සිටි දකුණේ ජනතාව ඔහුට මහත් ඉහලින් හරසර දක්වා තිබේ.
දෙසැම්බර් 09 වන දිනද ජනතා හරසර මැද කැළණිය, යක්කල, හොරගොල්ල, කුරුණෑගල. කෑගල්ල, මාවනැල්ල ද පසුකරමින් නුවර යන අතරතුර පේරාදෙනිය උද්බිද උද්‍යානයේ ශ්‍රී මහා බෝධියේ අංකුරයක් ද පැල කර නුවර රැජිණ හෝටලයේදී ප්‍රකාශ කර තිබුනේ තමා පේරාදෙනියේදී සිටවූ පැළය මෙන් ශ්‍රී ලංකාව සහ සෝවියට් දේශය අතර ද්වීපාර්ශවික සම්බන්ධතාවයන් වර්ධනය වනු දැකීම තම පැතුම බවයි.
කෙසේ වුවද ක්‍රමිකව වර්ධනය වෙමින් පැවති එම අංකුරය 1968 මාර්තු 27 දින ගුවන් අනතුරක් හේතුවෙන් සිදුවූ යුරි ගගාරින්ගේ හදිසි අභාවයෙන් පසු අදට ද ශ්‍රී මහා බෝධියේ අංකුරයේ ස්වභාවය පෙන්නුම් කරන මට්ටමට පමණක් වර්ධනය වී තිබීම විශේෂත්වයකි.

ඉන්පසු දෙසැම්බර් 10 වන දින අනුරාධපුරයට පැමිණි ඔහු සුදු නෙළුම් මල් පුදමින් ශ්‍රී මහා බෝධිය වැඳ පුදාගැනිමෙන් අනතුරුව යාපනයට පැමිණ එතැන් සිට ඔහු විසින්ම පැදවූ Handley Page Dart Herald යානයෙන් රත්මලන බලා පැමිණ ආණ්ඩුකාර නිවසේ රාත්‍රිය ගතකර තිබේ.
දෙසැම්බර් 11 වන දින නැවතත් අගනුවර ජනතාවගේ මහජන හරසර මැද කොළඹ විශ්ව විද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ සෝවියට්-ශ්‍රී ලංකා මිත්‍රත්ව නිවස යන ස්ථානයන්හි රැස්වීම් සහ සම්මුඛ සාකච්ඡා පැවැත්වීමෙන් පසු සන්ධ්‍යාවේදී මාධ්‍යවේදීන් ද හමුවීමෙන් අනතුරුව ගාලු මුවදොර හෝටලයේ ප්‍රිය සම්භාෂණයක ද සහභාගී වී තිබේ.
තොරතුරු පහත ලින්ක් එකෙන් සහ Daily News පුවත් පතින්
https://sputniknews.com/world/202104111082600199-russian-iss-crew-offers-congratulations-on-60th-anniversary-of-first-manned-spaceflight
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...