පුරවැසි කොලම

පසුගිය 46 වන ජිනීවා සැසිවාරයේදී ශ්‍රී ලංකාව විසින් ඉල්ලා සිටින ලද “ගෑෂ්” වාර්තා ලබාදීම එංගලන්තය විසින් ප්‍රතික්ෂේප කර තිබීම පිළිබඳව ලංකා ලීඩ් නිවුස් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතා දැක්වූ සම්පූර්ණ ප්‍රකාශය,

“නන්දිකඩාල්වලින් ආරම්භ කළ සටන ගෝඨාභය ජනාධිපතිතුමා දැන් ජයග්‍රහණය සඳහා යොමුකළ යුතුයි. එදා 2009 මැයි මස 19 දින නන්දිකඩාල්හිදී ආයුද සන්නද්ධව සිදුකළ ඊළම ලබා ගැනීමේ සටන පරාජයෙන් අවසන් වූ වහාම ජිනීවා මානව හිමිකම් කොමිසම හරහා ඊළම ලබා ගැනීම ආරම්භ වූවා. බැන්කිමූන් ලංකාවට පැමිණ “විවෘත” ලියවිල්ලක් රැගෙනගොස් පසුව දයාන් ජයතිලක හරහා 13 වන ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් බලාත්මක කිරීමට යෝජනා සම්මත කරගත්තා. එය නොලැබුනවිට 2015 දී එවක පැවති යහපාලන රජය ලවා ලංකාව යුද අපරාධ කරුවන් ලෙස පිළිගැනීමට සැලැස්සුවා. ඒ මගින් යුද සමයේ නායකත්වය දුන් 57 දෙනෙකුට විරුද්ධව චෝදනා ඇති බව දරුස්මාන් වාර්තාව මගින් ප්‍රකාශ කළ. ඒ චෝදනා තහවුරු කිරීමට සාක්ෂි ආඥාපනතට නතු නොවන ආකාරයට සාක්ෂි ගොනු කිරීමට අතුරුදහන්වූවන්ගේ කාර්‍යාල පනත සම්මත කළා. ඇත්ත වශයෙන්ම මෙවර 46/20 යටතේ නම් වශයෙන් යුද අපරාධකරුවන් ලෙස සළකා ඇති වත්මන් යුද හමුදාපති සහ ආරක්ෂක ලේකම් ඇතුලු යුද අපරාධ චෝදනාලාභීන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ණය ගැතියි. එතුමා නොහිටින්නට මේ වෙනකොට ඔය කියන අප්ට යුද විරු ඔවුනට යුද අපරාධකරුවන් වන 57 දෙනා සිටින්නේ විදේශයන්හි පිහිටි හිර ගෙවල්වල මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධ නඩු වල විත්ති කරුවන් ලෙසයි. එය මග හැරී ගියේ මෛත්‍රීපාල මහතා අතුරුදහන්වූවන්ගේ කාර්‍යාලය තමා යටතට පත්කර ගැනීම නිසයි. ඒ පිළිබඳව ජාතික සංවිධාන සමග පෙළ ගැසෙනු ගෝලීය ශ්‍රී ලාංකික සංසදය මෛත්‍රීපාල මහතාට කරුණු පැහැදිලි කරා. ඒ මහතාට අඩුම තරමේ අසා සිට යමක් වටහා ගැනීමේ අවබෝධයක් තිබුණා. “ගෑෂ්” වාර්තා කියන්නෙ යුද සමයේ බ්‍රිතාන්‍ය තානාපති කාර්‍යාලයේ සේවය කල ආරක්ෂක උපදේශක කර්නල් ඇන්ටන් ගෑෂ් මහතා විසින් යුද්ධයේ තත්කාලීනව සැපයූ වාර්තා වලටයි. බ්‍රිතාන්‍යය මෙහිදී ඉතා අහිතකර දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරනව. එය සමස්ත ලෝකයම හෙලාදැක පිලිකෙව් කළ යුතුයි. ලංකාවට ඳඬුවම් නියම කරණ දරුස්මාන් වාර්තාවේ කරුණු කිසිම තැනක තහවුරු කර නැහැ. අවුරුදු 30 ක් ගතවෙන තෙක් එම චෝදනා කළේ කවරෙක්ද කියල හෙලි කරන්නෙත් නැහැ. සමහර විට යහපාලන රජයේ ප්‍රභලයින්ද එහි සිටිය හැකියි. ගෑෂ් වාර්තාවේ සඳහන් කරුණු තහවුරු කළ හැකියි. අත්‍යාවශ්‍ය ආහාර ලබා නොදී තිබීම සම්පුර්ණ අසත්‍යක් බව එවකට උතුරු පළාතේ නියෝජිතවරිය වන ඉමෙල්ඩා සුකුමාර්ගේ වාර්තා සහ එක්සත් ජාතීන්ගේ ආහාර සංවිධානයේ වාර්තා වලින් සනාත වෙනව. ඒ වගේම “ටැමිල් නෙට් ” වාර්තා අනුව සම්පූර්ණ මරණ සංඛ්‍යාව 11,500 ක් පමණ වෙනව. එහි සමහර දෝෂ ඉවත්කළ පසුව මරණ සංඛ්‍යාව 7300 ක් පමණ වෙනව. මෙම ගනණ රජයේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ හා යාපනය විශ්ව විද්‍යාලයේ ගනණයන් සමග සමපාත වෙනව. ඒ අනුව බ්‍රිතාන්‍යයට ගෑෂ් වාර්තා වැරදියි කියා ප්‍රකාශ කළ නොහැකි තත්වයක් උදා වෙනව. එකම කාරණය ශ්‍රී ලංකා රජය මෙම ගැටළුව නිරාකරණය කිරීම  සම්බන්ධයෙන් ප්‍රවේශ වන ක්‍රමය වැරදියි. අපි මේ පිළිබඳව ඕනෑතරම් කරුණු පෙන්වා දී තිබෙනව. නන්දිකඩාල් වලින් ආරම්භ කරපු සටන ජිනීවා වලින් අවසන් කළේ නැති වීමේ ප්‍රථිඵලය තමයි අද මේ රජය අත්විඳින්නේ. අප ජාතියක් ලෙස මේ මුහුණ දෙන්නේ ඊළාම් යුද්ධයේ පස්වන වටයටයි මේ. යුද අපරාධ වලට අපේ රණවිරුවන් කොටු කිරීමෙන් ඔවුන්ගේ මානසිකත්වය කඩා බිඳදමා ඔවුන් බියගුල්ලන් කර අපහසුවකින් තොරව ඊළම ලබාගැනීමයි මෙහි අරමුණ. රජයේ අත කරකවමින් රජය ඇතුලේම සිටින කුම්භාණ්ඩයින් හඳුනාගෙන ඔවුන්ව පන්නා දමා කාර්‍යක්ෂමව ප්‍රශ්නයට මුහුණ දිය යුතුයි. එය ලබන වසරේ මාර්තු වෙන තෙක් බලා නොඉඳ අද අදම නිවැරදිව සේනා සංවිධානය කළ යුතුයි. ලබන මාර්තුවට පෙර තව දෙවරක් මානව හිමිකම් සමුළු පැවැත්වෙනවා. එනම් ජූනි සහ සැප්තැම්බර් මාස වල. එහිදීත් රජයට විශාල කාර්‍යභාරයක් කිරීමට තියෙනව. ඊට අමතරව රජයට විශේෂ සැසිවාරයක් අවශ්‍ය ඕනෑම විටක ඉල්ලීමේ හැකියාව තියෙනව. දර්ශණයක් ඇතුව කටයුතු කිරීම තමයි සිදුකළ යුතුවන්නේ. ඒ සඳහා රජය පෙළඹවීමට කටයුතු කරණ මෙන් සියළුම දේශ හිතෛශී ජනතාවට සහ සංවිධානවලට ආරාධනා කරනව.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More