දේශීය පුවත්

විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය සමග විදේශ අමාත්‍යාංශයේ පැවති හමුවේදී ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම යටතේ රට තුළ සිදුවන ධනාත්මක වර්ධනයන් පිළිබඳව තානාපතිවරිය දැනුවත්කර ඇති බව වාර්තා වේ.

සංවර්ධන ආධාර ඇතුළු ද්වි පාර්ශ්වික සහයෝගීතාව වැඩිදියුණු කළහැකි ක්‍රම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබේ.

මේ අතර පෙරේදා (09) දින යුරෝපා සංගම් තනාපතිවරුන් ද හමුවූ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික වර්ධනය පිළිබඳව ඔවුන් දැනුවත් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීම සහ සංහිඳියා යාන්ත්‍රණයන් ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රගතිය ඇතුළු අඛණ්ඩ ක්‍රියාවලීන් පිළිබඳව ද අමාත්‍යවරයා එම තානාපතිවරුන් දැනුවත්කර තිබේ.

මෙම හමුවට ප්‍රංශය, ඉතාලිය, රුමේනියාව, ජර්මනිය, නෙදර්ලන්තය ඇතුළු යුරෝපා සංගමයට අයත් රටවල තනාපතිවරුන් හා දූත කාර්යාලවල නියෝජ්‍ය ප්‍රධානීන් සහභාගී වු බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More