ප‍්‍රධාන පුවත්

දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාව විසින්; ලොව තාක්ෂණික, ආර්ථික, මිලිටරි සහ දේශපාලනික ආධිපත්‍යය පැතිරවීමට දරණ උත්සාහයේ පියවරක් ලෙස ට්‍රම්ප් පාළනය විසින් ගෙනගිය චීන විරෝධී ප්‍රතිපත්තීන් ඒ ආකාරයටම බයිඩ්න් පාළනය යටතේ ද ඉදිරියට ගෙනයෑමට බයිඩ්න් පාළනය ද පියවර ගනිමින් සිටී.

මින් පෙර සෝවියට් දේශය සමග ශීතල යුද්ධයක යෙදෙමින් තම ආධිපත්‍යය පැතිරවීමට විවිධ උපක්‍රම යෙදූ ඇමරිකාවට දැන් වඩාත් හිසරදයක් වී ඇත්තේ චීනය බව පෙනී යයි.

නව ගෝලීය ප්‍රවනතාවයන් අධ්‍යයනය කරන විට පෙනීයන පැහැදිළි කරුණක් වන්නේ චීනය ආර්ථික, තාක්ෂණික, මිලිටරි මෙන්ම දේශපාළන වශයෙන් ද වේගයෙන් ඉදිරියට යෑම වැළක්විය නොහැක්කක් බවයි. චීනය රුසියාව සමග පමණක් නොව ඔවුන් සමග අර්බුධ ඇති අසල්වැසි රාජ්‍යයන් ගණනාවක් සමග ද සම්බන්ධතාවයන් වර්ධනය කරගැනීමට ඉදිරි පියවරයන් ගනිමින් සිටින බව පසුගිය වකවානුවේදී දැකගත හැකි විය. මේ සම්බන්ධයෙන් නිවැරදි තක්සේරුවක් ඇති ඇමරිකාව ඒ පිළිබඳව මහත් කළබලයට පත්වී ඇති බවක් ද ඉතා පැහැදිළිව පෙනීයයි.

මෙම ඇමරිකානු සැලැස්මේ නවතම උපක්‍රමය වන්නේ ඇමරිකානු අධි තාක්ෂණික උපකරණ මිළදී ගැනීම චීන සමාගම්වලට තහනම් කිරීමත් නිදහස් වෙළඳාම යටතේ අන් රටවලට තීරු බදු අඩු කිරීමට උපදෙස් දෙන ඇමරිකාව විසින්ම චීන ඉලෙක්ට්‍රොනික මෘදුකාංග ඇතුළු අධි තාක්ෂණික 5G සන්නිවේදන උපාංග සඳහා 10% -50% දක්වා තීරු බදු අයකරමින් ඩොලර් බිලියන 110ක් ඉපයීමට සැලසුම් කිරීමත්ය.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.rt.com/op-ed/520612-biden-us-cold-war-china/



One thought on “චීනයේ වේගවත් ඉදිරි ගමනට ඇමරිකාව බයවෙලා?”

  1. ශිෂඨ සම්පන්න ලෝකයේ පවතින ආර්ථික නීති රීතිවලට පයින් ගහල බටහිර රටවල ආයෝජනවලින් පටන් ගත්ත වීන ආර්ථික ක්‍රමයට මුලු ලෝකයම යටවෙන්න බැහැ. ඒ ගැන තර්කානුකූලව හිතල බැලුවොත්, අනාගතේ අපේ වගේ පුංවි රටවල් ලොකුරටවල ආයුධබලයට යටත්වෙන්න සිද්ද වෙනව​. ජාත්‍යන්තර නීතියට තැනක් නැතිවම යනව්.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More