මැයි 18 වනදා වන හෙට දිනයේදී යුද්දයෙන් මිය ගිය ජනතාව සිහිකෙරෙන හෙයින් එදින ශෝක දිනයක් ලෙස සලකා උතුරේ සියලු පාසල්හි පලාත් කොඩිය අඩකුඹු කරන ලෙසට උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන් මහතා ඉල්ලීමක් කොට ඇත.
උතුරු පලාත් අධ්‍යාපන අමාථ්‍ය වරයා විසින් මාධ්‍ය නිවේදනයක් කරමින් උතුරේ සියලුම පාසල්හි විදුහල්පති වරුන් හා ගුරුවරුන්ගෙන් අදාල ඉල්ලීම සිදු කොට ඇත.
එහිදී අමාත්‍ය වරයා විසින් පෙන්වා දී ඇත්තේ පසුගිය අවුරුදු 30 ක කාලය පුරාවට යුද්දය හේතුවෙන් තරුණ තරුණියන් වගේම විශාල ජනතාවක් මිය ගිය හේතුවෙන් ඔවුන්ට සිදු කෙරෙන් ගෞරවයක් හා සිහිකිරීමක් වශයෙන් හෙට (18) දින මුල්ලි වයික්කාල් ප්‍රදේශයේදී උදෑසන 11ට පහන් දැල්වීම සිදු කෙරෙන අතරම ඒ වෙනුවෙන් උතුරු පලාතේ පිහිටි පාසල්හි පලාත් ධජය අඩකුඹු කරන ලෙසට ඉල්ලා සිටින බවටත්ය.
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...