දේශීය පුවත්

පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ සියලූ දෙනාටම එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කොට, ඔවුනගේ සියලූ දේපළ රාජසන්තක කොට ප‍්‍රහාරයේ වින්දිතයන්ට අමතර වන්දියක් ලබාදීමට හැකි දැයි සලකා බලන බව මහජන ආරක්‍ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) දින පැවසීය.

ඔහු ඒ පිළිබඳව තවදුරටත් කරුණු විග්‍රහ කරමින් මෙසේ ද පැවසීය;

පාස්කු ප‍්‍රහාරය නිසා මියගිය හා තුවාල ලැබූ පුද්ගලයින් පිළිබඳව අදත් අපි පසුතැවිලි වෙනවා. මේ ප‍්‍රහාරයට සම්බන්ධ ඕනෑම අයෙක් තරාතිරම නොබලා නීතිය කි‍්‍රයාත්මක කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනය යටතේ මෙම විමර්ශන ඉක්මන් වුණා. ප‍්‍රහාරයට සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ප‍්‍රහාරයට සම්බන්ධ විදෙස්වල සිටි 58 දෙනාගෙන් 54 දෙනෙක්ම මේ රටට ගෙනැවිත් තිබෙනවා. ප‍්‍රහාරයට සම්බන්ධ තිස් ගණනකට එරෙහිව නඩු පැවරීමට ද කි‍්‍රයා කර තිබෙනවා. දැන් මේ ප‍්‍රහාරයට සම්බන්ධ අයට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීම තිබෙන්නේ නීතිපති අතේයි. ඔහු ඒ පිළිබඳ ඉතා ඉක්මනින් කි‍්‍රයා කරයි කියා බලාපොරොත්තු වෙනවා.

යහපාලන රජය සිය බලය වෙනුවෙන් සිතා කටයුතු කළ නිසා පාස්කු ප‍්‍රහාරයට ඉඩකඩ සැලසුණා. සහරාන් පිළිබඳ තොරතුරු ලැබී තිබියදීත් ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ නෑ. එලෙස ඔහු අත්අඩංගුවට ගැනීම සිදු කළා නම් මෙම ම්ලේච්ඡ ප‍්‍රහාරය නවත්තන්න තිබුණා. එම නිසා මෙම ප‍්‍රහාරය පසුගිය රජය නියෝජනය කළ සියලූම දේශපාලනඥයින් වගකිව යුතුයි. සහරාන්ගේ අනුගාමිකයන්ගේ නිවාස පවා පෙන්වා තිබියදී ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ නෑ. මෙම පරීක්ෂණ නිසි පරිදි කි‍්‍රයාත්මක කළා නම් ප‍්‍රහාරය නවත්වා ගැනීමට හැකියාව තිබුණා.

පාස්කු ප‍්‍රහාරයට දින පහකට පෙරත් සහරාන් පිපිරීමක් කර අත්හදා බැලීමක් කර තිබුණා. ඒ මොහොතේදීවත් ඔහු අත්අඩංගුවට ගත්තා නම් මෙම ප‍්‍රහාරය වළක්වා ගැනීමට තිබුණා. සී. අයි. ඞී. සහ ටී. අයි. ඞී. නිලධාරීන්ට නිසි පරිදි කටයුතු කරන්න එම කාලය තුළ හැකියාව ලැබුණෙත් නෑ. එමනිසා මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් ප‍්‍රගතිය කුමක්ද කියා ඇසීමටවත් එවකට ආණ්ඩුවේ සිටිය අයට අයිතියක් නෑ. මෙම ප‍්‍රහාරයට සම්බන්ධ කිසිවෙකුට 2015 ට පෙර හෝ 2015 ට පසුව කිසිදු මුදල් ගෙවීමක් සිදු කර නැහැ.

සහරාන්ට අන්තවාදී කි‍්‍රයා සිදු කිරීමට රුපියල් ලක්ෂ 500 ක් ලැබී තිබුණා. එයින් ලක්ෂ 300 ක් ඔහුගේ අනුගාමිකයන් ළඟ තිබී හමුවුණා. ඊබ‍්‍රාහිම් ද මේ සඳහා රුපියල් ලක්ෂ 15 ක් ලබාදී තිබෙනවා. ඔහුගේ ලේලිය දෙමටගොඩ නිවසේදී පුපුරුවාගෙන සියදිවි නසා ගනු ලැබුවා. ඒ වගේම මෙම පුද්ගලයා ජවිපෙ සමග කටයුතු කිරීම ඉතා ගැටලූ සහගතයි. එම පක්ෂයේ මන්තී‍්‍රවරයකු පිළිම වන්දනාව ප‍්‍රතික්ෂේප කිරීමත් ගැටලූවක් සහරාන් සහ ඔහුගේ අනුගාමිකයින් පිළිම වන්දනාව ප‍්‍රතික්ෂේප කළ අයයි.

අපේ විමර්ශනවලට අනුව නවුෆර් නමැත්තා සහරාන්ගේ න්‍යායාචාර්ය වශයෙන් කටයුතු කර තිබෙනවා. මේ බව සහරාන්ගේ බිරිඳගේ කට උත්තරයෙනුත් ඔප්පු වෙනවා. ඒ වගේම ඇමරිකාව මගින් නිකුත් කරපු වාර්තාවකිනුත් ඒ බව පැහැදිලියි. නවුෆර් මවුලවි මෙහි මහ මොළකරු ලෙස පත් කළේ කරුණු ඇතිවයි.
(දිවයින)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More