ආහාරයට ගන්නා තෙල් වෙළෙඳ පොළ තුළ පවතින විකෘතිය පිළිබඳව ගැඹුරු අවබෝධයකින් තොරව එනම් මහා ප්‍රශ්නය සම්බන්ධ සම්බන්ධව අවබෝධයකින් තොරව ප්‍රශ්නයේ කොනකින් අල්ලා ගැනීම මගින් ප්‍රශ්නය විසඳිය නොහැකි බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. ජාතික පුවත් පතකට ලිපියක් සපයන දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා සඳහන් කරන්නේ එසේ මහා ප්‍රශ්නයට විසඳුමක් ඉදිරිපත් නොකර කොනක් අල්ලා ගැනීම මගින් විෂ තෙල් මාෆියාවේ උවමනාව ඉටුවන බවයි. ඒ නිසා එම තීන්දුව විෂ තෙල් මාෆියාව සහ ආර්ථික ඝාතක නිලධාරින් විසින් ආණ්ඩුවට ගිල්ලවූ දිරච්ච ලනුවක් බව වෛද්‍යය වසන්ත බංඩාර මහතා පවසයි. නමුත් කටු පොල් වගාව පිළිබඳ තීන්දුව වෛද්‍යයවරයා ලිපිය මගින් ඇගයීමට ලක් කොට ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...