දේශීය පුවත්

නවුෆර් මවුලවි අත්අඩංගුවට ගත්තේ සිදුවීම සිදුවී ඉතාම ආසන්නයේ බවත් ඔහු හිටිහැටියේම ඔහු පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වූයේ කෙසේද යන්නත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය. අත්අඩංගුවේ පසුවූ නවුෆර් මවුලවි ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් නොකළ බවත් වසර දෙකක් තිස්සේ රඳවාගෙන සිටි නමුත් ඔහුගෙන් සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට ආණ්ඩුව අසමත් වී ඇති බවත් විජිත හේරත් අවධාරණය කරය.

මන්ත්‍රීවරයා මේ බව පැවසූවේ පාස්කු ප්‍රහාරය පිළිඳ ජනාධිපති කොමිසමේ වාර්තාව ගැන අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිනි.

එහිදී අදහස් දක්වමින් පොලිස් ඇමති සරත් වීරසේකර පවසන්නේ මෙතෙක් කළ විමර්ශනවලින් එය තහවුරු වී ඇති බවයි. බුද්ධි අංශ වාර්තා, සාක්ෂිකරුවන්ගෙන් ලද වාර්තා සහ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට අදාළ වාර්තා මෙන්ම ජනාධිපති කොමිසමේ වාර්තාද සැලකිල්ලට ගනිමින් එම ප්‍රකාශය කළ බව සරත් වීරසේකර පවසයි.

“මම අදත් හෙටත් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු නවුෆර් මවුලවි බව පවසනවා. ඊට අමතරව වෙනයම් හෝ කෙනෙක් සිටී නම් කරුණාකර ආණ්ඩුවට දැනුම් දෙන්න” ඇයි සරත් සරත් වීරසේකර ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ගේ දේපල රාජ සන්තක කොට වින්දිතයින්ට අමතර වන්දි ලබාදීමට හැකි දැයි සොයා බලන බවද ඇමතිවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මාධ්‍ය හමුවකදී පැවසුවේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු නවුෆර් මවුලවි බව සනාථ කිරීමට ආණ්ඩුවට කිසිදු තොරතුරක් නොමැති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More