දේශීය පුවත්

රුපියල් දහසේ සහන මල් පිළිබඳව සිතා මතා ද්වේශ සහගතව බොරු කතා කියන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන රහස් පොලිසිය හරහා ප්‍රශ්න කළ යුතු බව බන්දුල ගුණවර්ධන පවසයි. ඇමතිවරයා මේ බව කියා සිටියේ අද (09) පාර්ලිමේන්තුවේ දී සහන මල්ල පිළිබඳව අදහස් පළ කරමිනි.

“රුපියල් දාහේ භාණ්ඩ වර්ග 12ක් සහිත සහන මල්ල ලබාදීම පිළිබඳව මම හඳුන්වා දීමේදී කියා සිටියේ එම සහන මල්ල සති දෙකකට සෑහෙනවා කියලයි. ඒ බඩු මල්ල පවුලකටද කියලා මගෙන් ප්‍රශ්නයක් ඇහැව්වහම මම ඒකට ඔව් කිව්වා. ඒක මගේ අතින් කියවුනා. ඒ වෙලාවෙම සතොස සභාපති තුමා මට කිව්වා ඒ බඩු මල්ල එක් අයෙක් සඳහා කියලා කියන්න කියලා. ඒක තමයි දැන් විකාර රූපී ලෙස අර්ථකථනය කරන්නේ. ඒ නිසා මේ පිළිබඳව විකාරරූපී බොරු ප්‍රචාර කරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරලා සාධාරණයක් ඉටුකළ යුතුයි.

පාරිභෝගික සේවා අයිතීන් සුරැකීමේ සංවිධානයේ සූක්ෂ්ම කපටි අඥාන මනුස්සයෙක් බඩු මල්ල ගැන රාජ්‍ය විරෝධී කතා කියලා තිබෙන බවද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More