දේශීය පුවත්

සතොස හරහා බන්දුල ඇමතිවරයා ලබා දෙන සහන මල්ල අණ්ඩුවේ ඇමතිවරු තමන්ගේ බිරින්ඳෑවරුන්ට ගිහින් දුන්නා නම් හොඳම දේ අහගන්න පුළුවන් යැයි අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ මහත්මිය පවසයි.

එතුමිය මේ අදහස් ප්‍රකාශ කර සිටියේ සිංහල හින්දු අලුත් අවුරුදු සමය උදා වුවත් ජනතාවට අවුරුදු සැමරීමට නොහැකි තරමට භාණ්ඩ මිල ඉහළ ගොස් තිබීම පිළිබඳවත්, වෙළඳ පොළ තුළ විෂ පොල්තෙල් ඇතුලු පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි වෙමින් තිබීම වැලැක්වීමට ආණ්ඩුවක් ලෙස මැදිහත් නොවීම සම්බන්ධයෙනුත් අද (09) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් පළකරමිනි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන සමන්මලී ගුණසිංහ… ” කවුරුත් කතා කරන සතොස ආයතන ලංකාව පුරාම තිබෙන්නේ 431යි. රුපියල් දාහේ බඩු මල්ල ගන්න තව රුපියල් පන්සීයක් විතර ත්‍රීවිල් එකකට වියදම් කරන්න වෙනවා. අපිට දැනෙනවා රුපියල් දාහට කියලා මේ සහන මල්ලක් දීලා එකෙන් රුපියල් හාරසීයකට වැඩිය ලාභයක් මේ භාණ්ඩ මිලදී ගන්නා ව්‍යාපාරික ආයතනවලට ලබා දෙනවා. හාල්මැස්සගෙන්, ලුණු පැකට් එකෙන්, හාල් කිලෝවෙන් ලොකු වංචාවක් සතොස හරහා සිදු වෙලා තිබෙනවා. මේ සහනය කියලා මොකක්ද පෙන්නන්නේ. මේ සහනය කාටද දෙන්නේ. ජනතාවට නෙවෙයි. දැන් ජනතාවට සිද්ධ වෙලා තිබෙනවා සතොස ආයතන ගානේ ඇවිදගෙන යන්න මේ බඩු මල්ල හොයාගෙන. දවස් දෙකක් කන්න පුළුවන් තරමට බඩු තමයි මේ සහන මල්ලේ තියෙන්නේ. ඒකත් ප්‍රමිතියෙන් තොරයි. අපි කියනවා පුළුවන් නම් ආණ්ඩුවේ ඇමතිවරුන්ට සතොස ආයතන ගානේ රවුම් ගහලා හරි කමක් නෑ මේ බඩු මල්ල අරගෙන ගිහින් තමන්ගේ බිරින්ඳෑවරුන්ට දෙන්න. එතකොට පුළුවන් බඩු මල්ල ගැන හොඳම දේවල් අහගන්න.” යනුවෙන් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More