දේශීය පුවත්

කුරුට්ට සහිත වියළි පොල්මද ආනයනය කිරීමට අවශ්‍ය ලියකියවිලිවල අවසන් අදියරට පැමිණ ඇතැයි පොල් සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්‍ෂ පියසේන එදිරිමාන්න මහතා පැවසීය.

රටේ පොල්තෙල් නිෂ්පාදනය ඉහළ නැන්වීම සඳහා කුරුට්ට සහිත වියළි පොල්මද ආනයනය කිරීමට අවශ්‍ය බවත්, ඒ සඳහා වියට්නාමය, ඉන්දුනීසියාව ඇතුළු රටවල් කිහිපයකින් ගෙන්වීමට අවශ්‍ය ලියකියවිලි අවසන් අදියරේ පවතින නිසා ලබන මස පමණ වන විට ඒවා ගෙන්වීමට හැකි වෙතැයි අපේක්‍ෂා කරන බවත් එදිරිමාන්න මහතා කීවේය.

පසුගිය වසර දෙකක පමණ රටේ පොල් ඵලදාවේ අඩුවීමක් පැවතියත් මේ වසරේ (2021* පොල් ඵලදාව මිලියන 3100 ක් පමණ අපේක්‍ෂා කරන නිසා නව වසරෙන් පසු පොල් ගෙඩියක මිල පහළ යන බව ද ඒ මහතා කීවේය. 2020 වසරේ පොල් ඵලදාව ගෙඩි මිලියන 2700 ක් පමණ වූ බව ද ඔහු පැවසීය.

එමෙන්ම රටට ගෙන එන පිරිපහදු කළ සහ නොකළ පොල්තෙල් ප‍්‍රමාණයන් ගැන පොල් සංවර්ධන අධිකාරිය සතුව වාර්තා නොමැති බවත්, එම නිසා එහි බලය අධිකාරියට පවරා ගැනීමට අවශ්‍ය නීති මණ්ඩලයේ පාලනාධිකාරිය විසින් සකස් කරමින් සිටින බවත්, ඒ මහතා කීවේය. මේ වන විට එම තොරතුරු ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුවෙන් සහ ශ‍්‍රී ලංකා රේගුවෙන් ලබා ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More