ප‍්‍රධාන පුවත්

ඉන්දියානු මුහුදු වෙරලේ සිට තමනට හිමි මුහුදු සැතපුම් 12ක මුහුදු සීමාව විශේෂිත ආර්ථික කළාපයක් ප්‍රකාශයට පත්කරමින් මුහුදු සැතපුම් 200ක් දක්වා පුළුල් කිරීම අභියෝගයට ලක් කරමින් ඇමරිකානු හත්වන නාවික බළඝනය USS John Paul Jones මිසයිල නාශක නෳකාවා පෙරටුකොටගත් නාවික මෙහෙයුමක් පසුගිය බදාදා ඉන්දියාවේ ලක්ෂදිව් දූපත ආසන්නයේ පවත්වා තිබේ.

“නාවික මෙහෙයුම් නිදහස” freedom of navigation operation (FONOP) නමින් ඇමරිකාව විසින් නම් කර ඇති මෙම මෙහෙයුම් 2019 ඔක්තොබර් 01 දින සිට 2020 සැප්තැම්බර් 30 දක්වා වන වර්ෂය තුළ පකිස්තානය, චීනය සහ ජපානය යන රටවල් ආසන්නයේ ද පවත්වා තිබේ.

කෙසේ වුවද ඉන්දියානු වෙරල සීමාවේ සිට මුහුදු සැතපුම් 130ක් තුළ ලක්ෂදිව් දූපත ආසන්නයේ සිදු කළ මෙම ඇමරිකානු මෙහෙයුම පිළිබඳ තම නොසතුට ප්‍රකාශ කරණ ඉන්දියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ තමන්ගේ මුහුදු කළාපය තුළ සිදු කළ මෙම නාවික යාත්‍රා මෙහෙයුම තමන් සුපරික්ෂාකාරීව විමර්ශණය කළ බවයි.

කෙසේ වුවද ඇමරිකාව ප්‍රකාශ කරන්නේ ඉන්දියාව විසින් ප්‍රකාශිත මුහුදු සැතපුම් 200 සීමාව තමන් දන්නා නමුදු විශේෂ ආර්ථික කළාප ජාත්‍යන්තර මුහුදු සීමාවන්ට අයත් බැවින් තමන් කළ මෙහෙයුම ජාත්‍යන්තර නීතින්ට පටහැනි නොවන බවයි.



වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://timesofindia.indiatimes.com/india/timestopten.cms



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More