තෙලඟනා ප්‍රාන්තයේ ජන්ගඔන් දිස්ත්‍රික්කයේ දේපල වෙලෙන්දෙකු වන නරසිංහ “පෙම්බරැති ගමේ” පිහිටි තම අක්කර 11ක ඉඩමේ පස් ඉවත් කරමින් සිටියදී හමුවූ පෞරාණික වටිනාකමක් ඇති රන් සහ රිදී භාණ්ඩ රාශියක් පිළිබඳව ප්‍රදේශයේ අදාල බළධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුව කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී තිබෙන්නේ එම භාණ්ඩ මිළ කළ නොහැකි පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති භාණ්ඩ බවයි.
කිලෝග්‍රෑම් 1.20ක් බර තඹ බාජනයක තිබී හමුවූ භාණ්ඩ අතර ග්‍රෑම් 6.5ක් බර රතු මැණිකක් ඇතුළු; ග්‍රෑම් 77.22ක් බරැති රන් කරාබු 22ක්, ග්‍රෑම් 57.80ක් බරැති කුඩා රන් බෝල 51ක්, ග්‍රෑම් 17.80ක් බරැති “මංගළ සූත්‍රය” සටහන් කළ රන් පත් ඉරු 11ක්, කීලෝග්‍රෑම් 1.227ක් බරැති රිදී කූරු 26ක්, ග්‍රෑම් 216ක් බර රිදී චේන් 5ක් සහ ග්‍රෑම් 42ක් බර වෙනත් ද්‍රව්‍යයන් තිබී ඇත.
දැනට කර ඇති පර්යේෂණ අනුව මෙය කකටියා රාජ වංශ යුගයට අයත් යයි අණුමාන කරන අතර ඉඩමේ ඉදිරි ඉදිකිරීම කටයුතු තහනම් කර තිබේ.
රත්‍රන් වලට දැඩි ඇල්මක් දක්වන ඉන්දියාවේදී පවා මෙවැනි රත්‍රන් ප්‍රමාණයක් ලැබී තිබියදී එහි “මිළ” පිළිබඳව තන්හාවක් නොඉපදවා එහි “පෞරාණික වටිනාකම” තේරුම් ගෙන එය අදාල බළධාරීන්ට දැනුම්දී බාරදීමට තරම් නුවණක් මෙම ඉන්දියානුවාට තිබීම ඉතා අගය කළ යුතු වන්නේ මෙවැනි පුද්ගලයන් එන්න එන්නම විරල වන තත්වයක් අප සමාජයන් තුළ දැකීමට ඇති නිසාය.
එම රත්‍රන් වල “මිළ”ට එහා ගිය අති විශාල පෞරාණික “වටිනාකමක්” එහි ඇති බව තේරුම්ගැනීමට තරම් මුහුකුරා ගිය මනසකින් යුතු මිනිසුන් මේ මහපොලවේ අතීතයේදී නම් ජීවත්ව සිට ඇති බවට වන හොඳම උදාහරණය “වල්ලිපුරම් සන්නස”යි.
“වල්ලිපුරම් සන්නස” ද වල්ලිපුරම් ප්‍රදේශයේ විසූ ද්‍රවිඩ මහතෙකු පැලයක් සිටුවීම සඳහා වලක් කපද්දී හමුවූ රන් පත් ඉරු වල සටහන්ව තිබූ සන්නසක් වන අතර ලංකාවේ උතුරු ප්‍රදේශයේ සිංහළ රාජ්‍ය පාළනයක් තිබූ බවට ප්‍රබලතම සාක්ෂි සපයන්නේ මෙම වල්ලිපුරම් සන්නසයි.
තොරතුරු පහත ලින්ක් එකෙන්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...