මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ගේ හා ආබාධිත රණවිරුවන්ගේ දීමනා පිළිබඳව ඇති ගැටළුවලට විසඳුම් ඉල්ලා ඊයේ (08) දින කොළඹ පැවති විරෝධතාවයකදී නාඳුනන පුද්ගලයෙකු විසින් පොලිස් ජීප් රථයකට එල්ල කළ ගල් ප්‍රහාරයක් හේතු කරගෙන අත්අඩංගුවට ගත් පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ මැදිහත්වීමෙන් ඇප මත මුදාහැර තිබුණි.
කෙසේ වෙතත් අද (09) දින ජාතික පොලිස් කොමිසම වෙත පැමිණි පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමි ඇතුළු පිරිස ඉල්ලා සිටියේ ඒ සිද්ධිදාමය තුළ සිටි සියලු පොලිස් නිළධාරීන් සහ අත්අඩංගුවට ගත් පුද්ගලයා පිළිබඳව පූර්ණ ස්වාධීන පරීක්ෂණයක් සිදුකර එම සැලැස්මේ මහමොළකරු හෙළිදරව් කරගෙන නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...