දේශීය පුවත්

වත්මන් යහපාලන ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ එකොලහක නායකයන් සහ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රි ලං නි ප නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ(08) රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පවත්වන ලැබූ බව වාර්තා වේ.

අදාල සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් රාජ්‍යය අමාත්‍යය දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් එක්ව සිටි අතර ආමාත්‍යය විමල් වීරවංශ, අමාත්‍යය වාසුදේව නානායක්කාර, අමාත්‍යය උදය ගම්මන්පිල, ඩිව් ගුණසේකර , අතුරලියේ රතන හිමි සහ ගෙවිඳු කුමාරණතුංග යන මැති ඇමතිවරු එම සාකච්ඡාවට එක්ව සිටියහ.

මෙම දේශපාලන පක්ෂ එකොලහේ නායකයන් පිරිස කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට බදු විරුද්ධ වූ පිරිසම වීම ද විශේෂත්වයකි.

නැගෙනහිර ජැටිය ඉන්දියාවට පැවරීම පරාජය කිරීමෙන් පසු සියළු පක්ෂවල නායකයන් මසකට වරක් රැස්ව සාකච්ඡා කරනවාය යන එකඟතාවය මත මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර මෙම සාකච්ඡාවට මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වූ පළමුවන අවස්ථාව මෙය වෙයි. මීට පෙර රාජ්‍යය ඇමති දයාසිරි ජයසේකර මහතා පමණක් මෙම සාකච්ඡා වලට සහභාගි විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More