දේශීය පුවත්

FBI ආයතනය ශ්‍රී ලංකාවේ පොලීසිය, හමුදාව ඇතුළු විවිධ ආයතන සහ අදාල පුද්ගලයින් සමග එක්ව වසර දෙකක් විමර්ශණ කිරීමෙන් අනතුරුව ඔවුන් නිරාවරණය කරගත් කාරනා පදනම් කරගනිමින්; පාස්කු ප්‍රහාරයේදී ඇමරිකානු පුරවැසියන් පස් දෙනෙකුගේ ජීවිත හානිවීම සම්බන්ධයෙන් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් 2021 ජනවාරි මස 08 වන දින මොහමඩ් නවුෆර් හෙවත් නවුෆර් මවුලවි, මොහමඩ් අන්වර් මොහමඩ් රිස්ඛාන් සහ අහම්ඩ් මිල්හාන් හයාතු මොහමඩ් යන ශ්‍රී ලාංකිකයින් තිදෙනාට එරෙහිව චෝදනා ගොනු කරමින් ලොස් ඇන්ජලීස් දිස්ත්‍රික් උසාවියේ නඩු පවරා ඇති බව පාර්ළිමේන්තුව අමතමින් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පවසයි.

මොහමඩ් නවුෆර් හෙවත් නවුෆර් මවුලවි යනු ඓSඓS සංවිධානයේ ශ්‍රී ලංකාවේ දෙවන එමීර් වරයා බවත් ඔහුට ඇති චෝදනාව වන්නේ සංවිධානයේ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම, සාමාජිකයින් බඳවාගැනීම සහ ආයුධ පුහුණුව ලබාදීම පමණක් බවත් පවසන හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ඔහු කිසිසේත්ම ප්‍රහාරයේ මහ මොළකරු බවට FBI වාර්තාවේ කිසිදු තැනක සඳහන් නොවන බවට අවධාරණය කරමින් එම වාර්තාව සභාගත කළේය.

කරුණු එසේ තිබියදී පොලීසිය භාර ඇමති සරත් වීරසේකර මහතා ප්‍රකාශයක් කරමින් නවුෆර් මවුලවි යනු පාස්කු ප්‍රහාරයේ මහමොළකරු බවට ඔහු සොයාගත් හෝ තෝරාගත් බවක් පැවසූ බවත් එම ප්‍රකාශය මහත් ගැටළුකාරී උභතෝකෝටිකයක් බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

FBI වාර්තාවේ සඳහන් වන්නේ නවුෆර් මවුලවිගේ භූමිකාව සංවිධානයේ න්‍යායාචාර්ය වරයකුගේ භූමිකාවට සමානවන බව පමණක් බවත් එය පදනම් කරගනිමින් නවුෆර් මවුලවි මෙහි මහමොළකරු බවට පෙන්වා ලිපිගොණුව වසා දැමීමට උත්සාහ දරන්නේ මෙහි මහමොළකරු හෙළිදරව්වීම යටපත් කිරීමටදැයි සැකයක් මතුවන බවත් මන්ත්‍රීවරයා අවසාන වශයෙන් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More