දේශීය පුවත්

විදේශයන්ගෙන් මෙරටට කිරි ගවයන් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය 2012දී එවකට සිටි ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ විසින් ආරම්භ කරන ලද අතර ඉන් බසුව රනිල්- මෛත්‍රී හවුල් ආණ්ඩුවේ පශු සම්පත් ඇමති වහයෙන් පී. හැරිසන් විසින් නැවත දියත් කිරීමෙන් සිදුකර තිබෙන මුල්‍ය අපරාධයන් පිළිබඳ තොරතුරු අනාවරණය වේ.

වෙලාඩ් ව්‍යාපෘතිය යනුවෙන් හඳුන්වා ඇති මෙම කිරි ගවයන් ගෙන්වීම සඳහා බැසිල් රාජපක්ෂ ඇමතිවරයා යටතේ ඇමෙරිකන් ඩොලර් මිලියන 13ක ආසන්න මුදලක් වැයකර තිබේ. පී. හැරිසන් ඇමතිවරයා යටතේ ඒ වෙනුවෙන් 2018 මැයි මස පමණක් ඩොලර් මිලියන 12කට ආසන්න මුදලක් අත්තිකාරම් වශයෙන් ගවා තිබිණි.

බැසිල් රාජපක්ෂ ඇමතිවරයා යටතේ කිරි ගවයින් 2000ක් ගෙන්වීමට සැලසුම්කර මුලින් 500ක් සහ දෙවනුව 1500ක් වශයෙන් ගෙනවිත් තිබේ. පී.හැරිසන් ඇමතිවරයා යටතේ කිරි ගවයින් 20000ක් ගෙන්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඊට අනුව මුලින් ගවයින් 5000ක් ගෙන්වීමට අනුමැතිය ලබාගෙන තිබේ. එහෙත් 2020.12.31 දින වන විට ගෙන්වා ඇත්තේ 4495ක් බවත් එම සතුන්ගෙන් දැනට සිටින්නේ 1453ක් බවත් අනාවරණය වේ.

එසේම සතුන් 1787ක් මිය ගිය බව නිශ්චිතව දක්වා ඇත.මෙම සංඛ්‍යා ලේඛනවල බරපතළ පරස්පරයක් තිබෙන බව මේ අනුව පැහැදිලි වේ. ගෙන්වන ලද සතුන් 4495න් දැනට සිටින්නේ 1453ක් නම් මිය ගිය සතුන් ගණන 3041ක් විය යුතුය. එහෙත් නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ සතුන් 1787ක් මිය ගිය බවය.

මෙම කිරි දෙනුන් ආනයනය සම්බන්ධව බරපතළ මූල්‍ය මංකොල්ලයක් සිදුකර තිබුණු බවට මාධ්‍ය මගින් හෙළිකර තිබිණි. එසේම ආනයනය කරන ලද සතුන් මාරාන්තික රෝග කාරකයන් වශයෙන් හඳුනාගෙන තිබිණි. ඊට විරුද්ධව රට තුළ විශාල හඩක් නැඟුනද එම මූල්‍ය අපරාධය දිගටම සිදුකරනු ලැබිණි.

ඉහත තොරතුරු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට පසුගිය 07වැනි දින ඉදිරිපත් කරන ලද වාර්තාවලින් හෙළිවේ.

වරද නිවැරිදි කරනවා වෙනුවට ජනපති ගෝඨාභය රාජක්ෂගේ රජයෙන්ද මහින්දානන්ද ඇමතිවරයාද මේ ව්‍යාපෘතිය කරට අරගෙන ඇති බවට වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More