දේශීය පුවත්

2018 මැයි මස 16 දින පැවති කැබිනට් මාධ්‍ය සාකච්ජාවේ දී කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා සිදුකළ ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කරමින් ජනාධිපතිතුමා වෙත ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ලිපියක් යොමු කර ඇත.

මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
අතිගරු ජනාධිපති ,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය,
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 01,

ගරු ජනාධිපතිතුමනි,

කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතාගේ අවිනීත ප්‍රකාශය සම්බන්ධයෙන් රජයේ නිළ ස්ථාවරය කුමක්ද?.

2018 මැයි මස 16 දින පැවති කැබිනට් මාධ්‍ය සාකච්ජාවේදී කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා සිදු කළ ප්‍රකශ කිහිපයක් සම්බන්ධයෙන් අපගේ අවධානය යොමුව ඇත.

ඊනියා දෙමළ නිජබිම් සංකල්පය මත පදනම්ව ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල වෙනම රාජ්‍යයක් පිහිටුවීමට ත්‍රස්තවාදී කටයුතුවල නිරත වූ කොටි සංවිධානය සහ මාක්ස්වාදය මත පදනම්ව සමාජ වෙනසක් බලාපොරොත්තුවෙන් ආණ්ඩු පෙරලියක් උදෙසා කැරළි ගැසූ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීත්වය වෙන් කර හඳුනා ගැනීමට නොහැකි පුද්ගලයෙක් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක තනතුරට පත්වීම කණගාටුවට කරුණකි.

“රණ විරුවන් අතින් ත්‍රස්තවාදීන් නොවන අය ද ඝාතනය විය” යනුවෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සිදු කළ ප්‍රකාශය රජයේ නිල මතය නම් එසේ කී දෙනකු, කවර දිනයන්හි, කවර ස්ථානවලදී ඝාතනය වීද යන්න දැන ගැනීමට අපි කැමැත්තෙමු. තවද “දෙමළ සංහාර දිනයක් සැමරීම ප්‍රශ්නයක් නොවේ” යනුවෙන් සිදු කළ ප්‍රකාශය සාමයට ලැදි සියලු ජනතාවට, ත්‍රස්‌තවාදය පරාජය කළ රණවිරුවන්ට කළ බරපතල අපහාසයක් ලෙස අපි දකින්නෙමු. කොටි ත්‍රස්තවාදය මෙන්ම ඔවුන් මෙහයවූ මතවාදය පරාජය වීම වැලැක්වීමට සිය උපරිම ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කළ රාජිත සේනාරත්න මහතා මෙවන් ප්‍රකාශයක් කිරීම විමතියට කරුණක් නොවූව ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස ඔහු සිදු කළ මෙම අවිනීත ප්‍රකාශ ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ලෙස අපි දැඩි පිළිකුලෙන් බැහැර කරන්නෙමු.

තව ද උක්ත කරුණු සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ රජයේ නිළ ස්ථාවරය ද නොඑසේනම් ඒ පිලිබඳ ඔබතුමාගේ සහ රජයේ නිල ස්ථාවරය කුමක්ද යන්න අප්‍රමාදීව රටට හෙළි කරන මෙන්ද අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

තෙරුවන් සරණයි,

මහාචාර්ය චන්න ජයසුමන
ලේකම්,
ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More