දේශීය පුවත්

කොළඹ “ඇලවෙන කුලුණ” නමින් ප්‍රචලිත ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ කොටස් විකුණා රුපියල් කෝටි 1200කට ආසන්න වංචාවක් සිදුකර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාවේ, කල්කටාහි පිහිටි පෞද්ගලික සමාගමක් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාපාර අපරාධ විමර්ශන අංශය විසින් පුළුල් පරීක්ෂණයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන්නේය.

අදාළ ඉන්දියානු සමාගමේ පාලිත සමාගමක් මෙරට පිහිටා තිබෙන බවත්, එම සමාගමේ හිමිකාරීත්වය සහ පාලනය දරන පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරුන් දෙදෙනකු මැදිහත්වී මෙම වංචාව සිදුකර තිබෙන බවත් පැමිණිලිකාර ඉන්දියානු සමාගමේ උප සභාපති මනමෝහන් බස්ලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More