ප‍්‍රධාන පුවත්

2022 පෙබරවාරි 04 දින සිට චීනයේ බෙයිජින් නුවර පැවත්වීමට නියමිත ශීත ඔලිම්පික් තරඟාවලිය;  ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර පාක්ෂික රටවල් විසින් වර්ජනය කිරීමට තීරණය කළ බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් (Ned Price) පළමුව ප්‍රකාශ කළ ද පසුව එම ප්‍රකාශය හකුලා ගනිමින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ ඔවුන් හෝ ඔවුන්ගේ මිත්‍ර පාක්ෂික රටවල් එවැන්නක් සාකච්ඡා නොකළ අතර එවැනි තීන්දුවක් ගෙන නොමැති බවයි.

1980 වසරේදී රුසියාවේ පැවැත්වූ ග්‍රීෂ්ම ඔලිම්පික් තරඟාවලිය වර්ජනය කිරීමෙන් පසු එයට ප්‍රතිචාරයක් ලෙස 1984 වසරේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වූ ඔලිම්පික් තරඟාවලිය වර්ජනය කිරීමට රුසියාව විසින් පියවර ගෙන තිබුණි.

කෙසේ වුවද නෙඩ් ප්‍රයිස්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් චීනය ප්‍රකාශ කර තිබුනේ ක්‍රීඩාව දේශපාළනීකරණය කිරීමට දරණ උත්සාහයට එරෙහිව ඔවුන් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.

ක්‍රීඩාව දේශපාළනීකරණය කිරීම; ලොව පුරා සිටින මළල ක්‍රීඩක, ක්‍රීඩිකාවන් අධෛර්යමත් කරනවා මෙන්ම එය ඔලිම්පික් ප්‍රකාශනය හෑල්ලුවට ලක් කිරීමක් බවත් ජාත්‍යන්තර ප්‍රජාව මෙන්ම ඇමරිකානු ඔලිම්පික් කමිටුව පවා එය හෙළාදකිනු ඇති බවත් චීන විදේශ ප්‍රතිපත්ති ප්‍රකාශක සාඕ ලිජියෑන් (Zhao Lijian) වැඩිදුරටත් පවසයි.

වයඹදිග චීනයේ සින්ජියෑන් ප්‍රාන්තයේ උයිගර් මුස්ලිම්වරුන්ගේ මානව හිමිකම් චීනය විසින් උල්ලංඝණය කරනවා යැයි නිරන්තර චෝදනා ඇමරිකාව විසින් චීනයට එල්ල කරන අතර එම චෝදනා ප්‍රතික්ෂේප කරන චීනය ප්‍රකාශ කරන්නේ අන්තවාදී ආගමික ඉගැන්වීම් වලින් මුදවා ගැනීම සඳහා ඔවුන්ට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩ සටහන් හඳුන්වා දෙමින් පවතින බවයි.

බෙයිජින් නගරය ශීත සහ ග්‍රීෂ්ම ඔලිම්පික් තරඟාවලියන් දෙකම පැවැත්වූ ලොව ප්‍රථම නගරය බවට පත්වීමට නියමිතව ඇති තත්වයක් තුළ චීනයට බයිඩ්න් පාළනයෙන් පවා සිදුකරණ මෙම කෙණහිලිකම් දෙරට අතර විරසකයන් තව තවත් වැඩිවීමට හේතුවනු ඇත.

කෙසේ වුවද දැනටමත් ෆ්ලොරිඩාවේ නියෝජිතයා මෙම වර්ජනයට පක්ෂග්‍රාහීව කටයුතු කරණ අතර කැනඩාවේ ද චීන ඔලිම්පික් විරෝධය උත්සන්න කරමින් පවතී.

තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.rt.com/sport/520355-china-responds-us-boycott-2022-winter-olympics/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More