දේශීය පුවත්

වසර 2000 කට එහා ගිය ඓතිහාසික වටිනාකමක් සහිත පණ්ඩුකාභය රජු ඉදිකල ජයවාපි නොහොත් වර්තමානයේ බුලංකුලම වැව විනාශ කිරිමේ කුමන්ත්‍රණයක් දියත් වේ. එහි මුල් අධියර ලෙස වැවට අයත් අක්කර 200 ක් පමණ වූ වැව් රක්ෂිතය ගොඩකරමින් ප්‍රදේශයේ දේශපාලන බලවතුන්, ඉහල රාජ්‍ය නිලධාරීන්, ව්‍යපාරිකයන් දැනට ඉඩම් අත්පත් කරගෙන ඇතිබව පසුගියදා එහි නිරීක්ෂණ චාරිකාවක නියුතු වූ ජාතික ගොවිජන එකමුතුව ප්‍රකාශ කර සිටින අතර විශේෂයෙන්ම මෙම වැව පොසොන් සමයේ මෙන්ම අනෙකුත් කාලවලදීද වන්දනා කරුවන්ගේ ස්නාන කටයුතු සඳහා බෙහෙවින්ම මහෝපකාරී වන බවට ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරයි.

අක්කර 100 කට වැඩි යල මහ දෙකම කුඹුරු ඉඩම් අස්වද්දාලන මෙකී ඓතිහාසික වැවෙහි ජල ධාරිතාවය අක්කර 150 ක් පමණවේ. වැව් රක්ෂිතයේ මේ වනවිට ගොඩකර කාපට් මාර්ගයක් ඉදිකිරිම සඳහා අනුමැතිය හිමිවී ඇති බවත් ඒ අනුව නීති විරෝධි ලෙස ගොඩකරනු ලැබූ ඉඩම් විවිධ පුද්ගලයන්ට පර්චසය ලක්ෂ 11/2 — 2 ත් අතර මුදලට විකුණන බවද ශාස්ත්‍රපති හකුරුවෙල චන්ද්‍රාලෝක හිමියන් තවදුරටත් ප්‍රකාශ කරන ලද අතර ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරමින් කියා සිටියේ මෙම ජාවරම පසුපස ප්‍රදේශයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ පූර්ණ අනුග්‍රාහකත්වය හා ආශිර්වාදයෙන් මෙය සිදුවන බවත් පළාතේ ඉහල රාජ්‍ය නිලධාරීන්ට මෙහි ඉඩම් කැබලි හිමිබවට තමන් සතු සාක්ෂි ඇති බවත්ය. මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා ජාතික ගොවිජන එකමුතුවේ ජාතික සංවිධායක මෙන්ම උතුරු මැද පළාත් සම්බන්ධිකාරක අනුරාධපුර නාගරික මංත්‍රී විරාජ් රණවීර මහතාද සහභාගි විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More