දේශීය පුවත්

උතුරු පලාත් සභාවේ අමාත්‍යවරියෙක් විසින් යුද්ධය අවසන්වූ මැයි 18 වන දිනය “ජාතික සංහාර දිනයක්” ලෙස නම් කිරීමේ යෝජනාව ගැන අද (16) පැවති කැබිනට් රැස්වීමේදී මාධ්‍යවේදීන් විසින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ගෙන් විමසීමක් කළා. එහිදී ඇති වුයේ උණුසුම් තත්ත්වයක්.

එහිදී රාජිත සේනාරත්න කියා සිටියේ මෙතෙක් ජනතා විමුක්ති පෙරමුණත් මේ දක්වා සෑම වසරකදීම සිය මියගිය සාමාජිකයින් සමරමින් විරු සැමරුම් පැවැත්වූ බවයි. යුද්ධයේදී මියගිය පුද්ගලයින් අපට ත්‍රස්තවාදීන් ලෙස පෙනුනත් උතුරේ ජනතාවට ඔවුන් පෙනෙන්නේ තමන්ගේ මවුපියන්, සහෝදර සහෝදරියන් ලෙසින් බවයි.

අමාත්‍ය රාජිත සේනාරත්න වැඩිදුරටත් කියා සිටියේ උතුරේ මිය ගියෙත් අපේ දරුවන් බවත් රජයේ පැත්තෙන් මියගියෙත් රටේ දරුවන් බවයි. එහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාට කියා සිටියේ එල්ටිටිඊය ත්‍රස්තවාදී සංවිධානයක් බවයි. එහිදී අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණද ත්‍රස්තවාදී සංවිධානයක් බවත් ඔවුන්ද මෙරට තහනම් සංවිධානයක් ලෙස කලක් පැවති බවයි.

මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ මෙම රජය බලයට පත්වීමෙන් පසු මැයි 18 වෙනිදා පවත්වාගෙන ආ “රණවිරු සැමරුම” නතරවූ බවයි. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ රණවිරුවන් අතින් ඝාතනය වුනේ මෙරට දරුවන් බවයි, සහජීවනය ගැන සිතා එම සැමරීම නතර කල බවයි.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ විජයවීර මහත්තයා සහ කොටි සංවිධානයේ ප්‍රභාකරන් මහත්තයා විසින් සිදුකල අපරාධවල වෙනස ගැන පැහැදිලි කරන්නැයි මෙහිදී අමාත්‍ය රාජිත සේනාරත්න මාධ්‍යවේදීන්ට අභියෝගයක්ද එල්ල කළා.

මේ එම සිදුවීම ඇතුලත් සම්පුර්ණ වීඩියෝව පහතින්

විජේවීර මහත්තයයි ප්‍රභාකරන් මහත්තයයි කරපු දේවල්වල වෙනසක් නෑ-ඇමති රාජිත

විජේවීර මහත්තයයි ප්‍රභාකරන් මහත්තයයි කරපු දේවල්වල වෙනසක් නෑ..යුද්ධ කරද්දී ඕනෑම හමුදාවක් අතින් අහිංසක මිනිස්සු ඝාතන වෙනවාවිරුවෝ කියන අය අතින් මැරුනේ අපේම දරුවන්..-කැබිනට් හමුවේදී ඇමති රාජිත කියයි

Gepostet von Neth FM am Mittwoch, 16. Mai 2018



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාසල් ළමයෙක් දන්නා කරුණක්වත් කාංචන විජේසේකර ඇමති තුමා දන්නේ නැහැ- පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...


Read More

එරොෆ්ලොට් ගුවන් යානය රඳවා තබා ගැනීම දේශපාලන කුමන්ත්‍රණයක්- පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ

ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...


Read More

රැට්ටා ඇතුලු තිදෙනෙක් තවදුරටත් රිමාන්ඩ් හතර දෙනෙකුට ඇප

රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...


Read More