ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරන්නැයි ඉල්ලා ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් විපතට කාන්තාවන් සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (06) පොලොන්නරුව,හිඟුරක්ගොඩ නගරයේදී පැවැත්විණි.
එම ණය උගුලේ සිරවී දැනට පීඩාවිඳින, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි කාන්තාවන් මේ සඳහා සහභාගී වී සිට තිබේ. ණය අහෝසි කරන ලෙස රජයට බලකරමින් ඔවුන් හිඟුරක්ගොඩ නගරයේ ආරම්භ කර ඇති උපවාසයට අදට(07) දින 31ක් සපිරෙන අතර එයට සමගාමීව මෙම උද්ඝෝෂණය පවත්වා තිබේ.
සියලු ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරනු ! කොල්ලකාරී ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිබඳ විගණනයක් කරන තුරු සියලු ණය අයකරගැනීම අය කර ගැනීම වහා නවතනු ! යන ඉල්ලීම් මූලික කරගනිමින් ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් විපතට පත් වූ කාන්තා එකමුතුව විසින් හිඟුරක්ගොඩ නගරයේදී සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. ඊයේ ජාත්‍යන්තර කාන්තා දින පවත්වන ලද උද්ඝෝෂණයකින් අනතුරුව ඔවුන් මෙම සත්‍යග්‍රහය ආරම්භ කර ඇත. ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් විපතට පත් වූ කාන්තා එකමුතුව පවසන්නේ ක්ෂුද්‍ර ණය අහෝසි කරන බවට පොරොන්දු වෙමින් බලයට පත්වූ ආණ්ඩුව තමන්ව රටවන ලද බවයි. පසුගිය වසර 3ක කාලය තුළ තම ගැටලු විසඳා ගැනීමට විවිධ අරගලවල නිරත වුවත් විසඳුමක් ලබාගැනීමට නොහැකි වූ බැවින් නිසා තම ඉල්ලීම් ලබාදෙන තුරු සත්‍යග්‍රහය අඛණ්ඩව සිදුකරන බව ඔවුන් පවසයි.
ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් විපතට පත් වූ කාන්තා එකමුතුව විසින් ආරම්භ කර ඇති සත්‍යග්‍රහයේ ප්‍රධාන ඉල්ලීම් වන්නේ
සියලු ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරනු !
කොල්ලකාරී ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිබඳ විගණනයක් කරන තුරු සියලු ණය අයකරගැනීම අය කර ගැනීම වහා නවතනු !
ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන්ට එරෙහිව ගන්නා සියලු නීතිමය ක්‍රියාමාර්ග නවතනු!
ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන් අසාදු ලේඛණයෙන් වහා ඉවත් කරනු!
ගැති බවින් තොර සමාජ විමුක්තිය කේන්ද්‍ර කරගත් කාන්තාවන් සතු මූල්‍ය ක්‍රමයක් ස්ථාපිත කරනු!
දැනට වසර 60කට පෙර 1961 අප්‍රේල් 12 වන අද වැනි දිනකදී තම මවු බසින් "Poyekhali!" (Let's Go!) යනුවෙන් පවසා ලොව අභ්‍යවකාශ තරණයේ...
පසුගිය 46 වන ජිනීවා සැසිවාරයේදී ශ්‍රී ලංකාව විසින් ඉල්ලා සිටින ලද "ගෑෂ්" වාර්තා ලබාදීම එංගලන්තය විසින් ප්‍රතික්ෂේප කර තිබීම...
මේ රටේ අතිමහත් පොදු ජනතාව ඉතා බලවත් බලාපොරොත්තු පෙරදැරි කරගනිමින් ගොඩනඟාදුන් ගමනක් එහි අඩුපාඩු නැති කොට, වඩා සවිමත්ව ඉදිරියට ගෙනයාමේ වගකී...