දේශීය පුවත්

පළාත් සභා මැතිවරණය ‍පැවැත්වීමට රජය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වහාම නතර කරන ලෙස සංඝ සභා කිහිපයක ඉහළම ධුර හොබවන නා හිමිවරුන් 14 නමක් ජනපතිවරයා සහ අගමැතිවරයා වෙත විවෘත සන්දේශයක් ඉදිරිපත් කරමින් දැනුම් දී තිබේ.

ඉන් පෙන්වා දෙන්නේ රජයේ එම තීරණය ජනතා මතයට පටහැනි බවය.

“පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා පළාත් සභා මැතිවරණ පනත කඩිනමින් සංශෝධනය කිරීම ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමකි” යන මැයෙන් මෙම සංදේශය යොමුකර තිබේ.

ඒ, අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහනා හිමි, අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහනා හිමි, අතිපූජ්‍ය ත්‍රිකුණාමලේ ආනන්ද මහනා හිමි, පූජ්‍ය ඕමාරේ කස්සප අනුනා හිමි, පූජ්‍ය දිවියාගහ යසස්සි නාහිමි, මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි ඇතුළු හිමිපාණන් වහන්සේ 14 නමකගේ අත්සනින් යුතුවය.

එහි දැක්වෙන්නේ,

“මහ මැතිවරණයේදී ජනතාවට දුන් පොරොන්දුව අනුව පත්කරන ලද නව ආණ්ඩුකම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පත්කරනු ලැබ ඇති විශේෂ විද්වත් කමිටුවේ නිර්දේශ ලැබෙන්නට පෙරාතුව පළාත් සභා ඡන්දය පැවැත්වීමට කැබිනට් මණ්ඩලය අදූරදර්ශීව ගෙන ඇති තීරණය දේශයේ ගමන්මග නිවැරදි කිරීමට ඇති අගනා අවස්ථාවක් පැහැර හැරීමක් බව මෙහිලා සඳහන් කළ යුතුය.”

“පළාත් සභා මැතිවරණයක් පවත්වා පළාත් සභා නැවත ස්ථාපනය කළහොත් 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව කටයුතු කිරීමට රජය බැඳී සිටිනු ඇත.”

“මහමැතිවරණයේදී ජනතාව ඉදිරියෙහි අවධාරණය කළ, ජනතාවද අපේක්ෂා කළ වැදගත් ප්‍රතිඥාවක් වසරක් වැනි කෙටි කාලයක් තුළ රජය අමතක කිරීම කනගාටුදායකය.”

“පළාත් සභා මැතිවරණය නොපවත්වන ලෙස මීට මාස කිහිපයකට පෙර මහා සංඝරත්නය දූරදර්ශීව විශ්ලේෂණාත්මකව විද්වත් කථිතාවකින් ඉදිරිපත් කළ යෝජනාවද නොසලකා ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය කරමින් හදිසියේ මේ කරන්නට යන දේශද්‍රෝහී ක්‍රියාව වහා නතර කරන ලෙස රජයටත් රට වැසි මහජනතාවටත් රටටත් හිතාධ්‍යශය ඇතිව තරයේ දන්වා සිටිමු,” යනුවෙනි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More