දේශීය පුවත්

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව අධ්‍යයනය කර ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට‍ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය පෙබරවාරි මස 19 වනදා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කරණු ලැබිණි.

එහි සභාපති ලෙස අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කටයුතු කළ අතර සෙසු සාමාජිකයන් වූයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන් වන අතර එහි ලේකම් ධුරය ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණධීර මහතා විසින් දරණු ලැබීය.

එම නිර්දේශ ඇතුළත් වාර්තාව පෙරෙදා(05) පස්වරුවේ කමිටුව විසින් ජනාධිපතිවරයාට ලබාදුන්නේය.

එම අණු කමිටුව විසින් කළ නිර්දේශ 78 ක්‍රියාත්මක කරන්නේ කෙසේද, ක්‍රියාත්මක කරන්නේ කුමන ආයතන ද යන්න පිළිබඳවද වාර්තාවට ඇතුළත් කර තිබේ.

එම නිර්දේශ අතර බොදු බල සේනා සංවිධානය තහනම් කිරීමට කොමිෂන් වාර්තාව නිර්දේශ කර තිබුණු නිර්දේශය අමාත්‍ය අනුකමිටු වාර්තාව විසින් එසේ නොකරණ ලෙස නිර්දේශ කර ඇත.

කමිටුවේ නිර්දේශ අතර මියගිය එක් අයෙකු සඳහා රුපියල් මිලියන 02 ක් සහ තුවාල වූවන්ගේ සැබෑ වියදම් සළකා රුපියල් ලක්ෂ 05ක වන්දි මුදලක් රජය විසින් ප්‍රදානය කිරීමට පාස්කු කොමිසම මඟින් කර තිබූ නිර්දේශ අමාත්‍ය අනු කමිටුව මඟින්ද අනුමත කර තිබේ.

එමෙන්ම මාවනැල්ල සිද්ධිය සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධ වැදගත් කාර්යභාරයක් ඉටුකළ මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලින් යන අයට වැඩිදුර ප්‍රතිකාර සඳහා ජීවිතාන්තය දක්වා මූල්‍ය ආධාර සැපයීම මෙන්ම ආරක්ෂාව සැපයීමට ද පාස්කු කොමිසම මඟින් කර තිබු නිර්දේශයද අමාත්‍ය අනු කමිටුව විසින් අනුමත කර තිබේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මඟින් මුස්ලිම් නීතිය සම්පූර්ණයෙන් අහෝසි කරන තෙක් වයස අවුරුදු 18ට අඩු විවාහ තහනම් වන පරිදි පාර්ශ්ව දෙකටම විවාහයේ නෛතික අයිතිය ලැබෙන පරිදි හා දික්කසාදය සාමාන්‍ය නීතිය යටතේ සිදුකළ හැකි වන පරිදි මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය කිරීමට නිර්දේශ කර තිබෙන අතර එයද අමාත්‍ය අනු කමිටුව මඟින් අනුමැතිය ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවේ වහබ්වාදය තහනම් කළ යුතු බවට පාස්කු කොමිසම විසින් කළ නිර්දේශය අමාත්‍ය අනු කමිටුව මඟින් නිර්දේශ කර ඇත්තේ සියලුම තවුහිද් සංවිධාන තහනම් කිරීමට සළකා බැලිය යුතුය බවටය.

ශ්‍රී ලංකාවේ පීස් ටීවී තහනම් කිරීමට පාස්කු කොමිසම මඟින් කර තිබූ නිදේශයද අමාත්‍ය අනු කමිටුව මඟින් තහවුරු කර ඇති බව වාර්තා වේ.

මේ අතර ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් එක් තනතුරකට වඩා නොදැරිය යුතුය ලෙසට පාස්කු කොමිසම කළ නිර්දේශය ද අමාත්‍ය අනු කමිටුව මඟින් අනුමත කර තිබේ.

ශ්‍රී ලංකා ජමාතේ – ඊ – ඉස්ලාම් සංවිධානය සහ ජවාඅත් – ඊ – ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරය තහනම් කිරීමට පාස්කු කොමිසම මඟින් කර තිබූ නිර්දේශය ද අමාත්‍ය අනු කමිටුව අනුමත කර තිබේ

පාස්කු කොමිසම විසින් ආගමික හේතු සහ විශ්වාසයන් මත පදනම්ව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම තහනම් කිරීමට පාස්කු කොමිසම කර තිබු නිර්දේශයට අමාත්‍ය අනු කමිටුව සංශෝධන ඉදිරිපත්කරමින් නිර්දේශ කර ඇත්තේ ශ්‍රී ලංකා සමාජය ජාතිය හා ආගම පදනම් කරගෙන බෙදී ඇති බැවින් එය වෙනස් කළ යුත්තේ ආකල්පමය වෙනසකින් මිස නීති සම්පාදනයෙන් නොවන බවටයි.

ජනාධිපතිවරයා විදෙස්ගතව සිටින විට සහ අග්‍රාමාත්‍යවරයා වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා නොවන අවස්ථාවක දී සියලු ජාතික ආරක්ෂක තොරතුරු අග්‍රාමාත්‍යවරයාට දැනුම් දීම අනිවාර්ය කිරීමට පාස්කු කොමිසම කළ නිර්දේශය අමාත්‍ය අනු කමිටුව අනුමත කර තිබේ.

එහිදී අමාත්‍ය අනු කමිටුව මගින් නිර්දේශ කර ඇත්තේ පොලිස්පති ඉවත් කිරීම ජනාධිපතිවරයාට ලබාදිය යුතුය යන්නය.

මද්‍රසා අධ්‍යාපනය ලබාදීම උපරිම සංඛ්‍යාව 50කට සීමා කිරීම සහ අතිරික්ත සිසුන් 2023 වන විට පොදු අධ්‍යාපන ක්‍රමයට අන්තර්ග්‍රහණය කිරීමට අමාත්‍ය අනු කමිටුව තීරණය කර ඇත.

මේ අතර ආරක්ෂක අමාත්‍යංශය සෑම විටම ජනාධිපතිවරයා යටතේ තබන ලෙසට පාස්කු කොමිසම මඟින් නිර්දේශ කර තිබූ අතර එම නිර්දේශය අමාත්‍ය අනු කමිටුව අනුමත කර තිබේ.

අබ්දුල් රාසික්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ හැකි ද යන්න කඩිනමින් සළකා බැලීමට පාස්කු කොමිසම කළ නිර්දේශය අමාත්‍ය අනු කමිටුව අනුමත කළේය.

මුස්ලිම් ආගමික සිද්ධස්ථානයක් ඉදි කර මාස 06 ක් තුළ ලියාපදිංචි කිරීමට අවස්ථාව ලබා දෙමින් වකුෆ් සභා පනතේ ඇති විදිවිධාන ඉවත් කිරීමට යටතේ අමාත්‍ය අනු කමිටුව නිර්දේශ කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More