දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා සිටින්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අගරදගුරු තුමන් විසින් කරන ලද ප්‍රකාශය පසුපස කිසියම් දේශපාලන හස්තයක් ඇත්දැයි සැක සහිත බවයි.

එහිදී ඔහු පෙන්වා දෙන්නේ පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිසමේ කිසිදු තැනක හිටපු ජනාධිපතිවරයා වරදකරුවකු කර නැති බවත් හිටපු ජනාධිපතිට එරෙහිව නඩු පැවරීමේ හැකියාවක් ඇත්දැයි සොයා බැලීමට නීතිපති දෙපාර්තමේන්තුවට අවස්ථාවක් දෙන ලෙස පමණක් එහි දක්වා ඇතැයි ද මහ ලේකම්වරයා පවසා සිටියේය.

එම සඳහන නිවැරදිව තේරුම් නොගැනීම සම්බන්ධයෙන් කණගාටුවන බවද පවසන දයාසිරි මහතා උසාවියකින් වරදකරුවකු වන තුරු කිසිදු අයෙකු වරදකරු නොවන බවද අවධාරණය කළේය.
එහිදී දයාසිරි මහතා අවධාරණය කර සිටියේ පාස්කු ප්‍රහාරය එල්ල කළ හිටපු ජනාධිපතිවරයා නොවන බවත් මෙවන් ප්‍රකාශ වලින් සිදුවන්නේ සැබෑ වරදකරුවන් යටපත් වන බවත් ‍ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ නඟමින් සිටින අවස්ථාවක මෙවැනි පහර දීම් සාමාන්‍ය බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More