ඊයේ(05) නාවල දී පැවති ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ නියෝජිත මහා සභාවෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු තුමන් විසින් තමන් පිළිබඳව කළ ප්‍රකාශය ගැන කණගාටු වන්නේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේය.
එහිදී ඉදිරි පළාත් සභා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කරන්නේදැයි කළ විමසීමකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුත්තේ පළාත් සභා මැතිවරණ ට අදාල පනත් සම්මත වීමෙන් පසුව බව අවධාරණය කළේය. වැඩිදුරටත් කරුණු දක්වමින් හිටපු ජනාධිපතිවරයා පවසා සිටියේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධව අදාළ පනත පාර්ලිමේන්තුවේ සම්මත විය යුතු බවත් පක්ෂය තුළ ඒ පිළිබඳව මෙතෙක් සාකච්ඡා කර නැති බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...