රෝමයේ අචීලියා ප්‍රදේශයේ විසූ උපුල් උයන්ගොඩ මහතා ඊයේ කොවිඩ් රෝගය උත්සන්න වීමෙන් ඉතාලියේ දී අභාවප්‍රාප්ත විය.ඒ මහතා ජාතික සංවිධාන සමඟ ඉතා සමීපව කටයුතු කළ අයෙකු වූ අතර දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ ප්‍රකාශනය වූ මුරගල සඟරාව රෝමයේ දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් අතර බෙදා හැරීමේදී ඉතා උනන්දුවෙන් කටයුතු කළේය.
එක් දරු පියෙකු වූ උයන්ගොඩ මහතා සිය දරු පවුල සමගින් රෝමයේ අචීලියා ප්‍රදේශයේ ජීවත්වු අතර ඒ මහතා වලස්මුල්ල ප්‍රදේශයේ ජන්මලාභියෙකි. යහපාලන ආණ්ඩුව පලවා හැර වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට විදෙස්ගතව සිට විශාල මෙහෙයක් කළ අය අතර උයන්ගොඩ මහතා ප්‍රමුඛ වූවෙකි.
ලංකා ලීඩ් වෙබ් අඩවියේ කාර්ය මණ්ඩලය එතුමාගේ ඥාති හිතමිත්‍රාදීන් වෙත ශෝකය පලකරන සිටින අතර එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...