දේශීය පුවත්

ආනයනික පොල් තෙල්වලට වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීම තහනම් කෙරෙන ගැසට් නිවේදනය නිකුත් කිරීමට තවත් මසකට අධික කාලයක් ගතවන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ (03) දින සඳහන් කළේය.

එහිදී ඔහු පෙන්වා දුන්නේ “මේ ගැසට් නිවේදනයට අදාළ සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කරලා අවසානයේ තමයි පාරිභෝගික අධිකාරිය විසින් ගැසට් නිවේදනය පළකළ යුතු වන්නේ. මාස එකහමාරක් වැනි කාලසීමාවක් තුළදී ගැසට් නිවේදනය පළ කිරීමට බොහෝ දුරට කටයුතු කරනවා.”

මේ අතර තෙල් සාම්පල සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමට පොල් සංවර්ධන අධිකාරිය ද අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විය.

එහිදී පොල් සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂක අශෝක රාජමන්ත්‍රී මහතා සඳහන් කළේ, “නිකුත් කරන ලද සාම්පලවල ප්‍රතිඵල අනුව අපිට ලැබිලා තියෙනවා සාම්පල 6ක ප්‍රතිඵල. සාමාන්‍යයෙන් ඇෆලටොක්සීන් අගය මනින්නේ පොල් තෙල් අංශු ප්‍රමාණය මිලියන 100කට කොයිතරම් ප්‍රමාණයක් ඇෆලටොක්සීන් අංශු තියෙනවාද කියලා. ඒකෙදි අපිට ලැබිලා තියෙනවා, 10ට අඩුවෙන් තමයි සාම්පල 49ක ලැබිලා තියෙන්නේ. 3ක ලැබිලා තියෙනවා 17ක්. තවත් 3ක 13ක් හා ඒ ආසන්න ප්‍රමාණවලින් ලැබිලා තිබුණා.”

කෙසේවෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව පොල් තෙල්වල ඇෆලටොක්සීන් අගය 10 ඉක්මවා ගොස් ඇත්නම් එය කෑමට කිසිසේත් සුදුසු නොවන බව පොල් පර්යේෂණ ආයතනයේ පොල් සැකසුම් පර්යේෂණ අංශයේ අංශාධිපති ආචාර්ය චන්දි යාලේගම මහත්මිය පැවසුවාය.

“සාමාන්‍යයෙන් කෑමට සුදුසු පොල්තෙල්වල කිලෝග්‍රෑමයකට තියෙන්න පුළුවන් ඇෆලටොක්සීන් ප්‍රමාණය 10ක් විදිහට තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරලා තියෙන අන්දම. ඊට වඩා ප්‍රමාණයක් තියෙනවා නම් ඒක කෑමට සුදුසු අවස්ථාවේ නෙමෙයි තියෙන්නේ.”
(දෙරණ)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More