දේශීය පුවත්

සුරකිමු ශ්‍රී ලංකා, පරිසර යුක්ති කේන්ද්‍රය, විවිධ සමාජ ක්‍රියාකාරිකයින් ඇතුළු සංවිධාන එකමුතුවකින් සැදි “පරිසර සංවිධාන එකමුතුව” විසින් සංවිධානය කරණ ලද “පරිසර ත්‍රස්තවාදයට එරෙහිව පෙළගැසෙමු” විරෝධතාවය අද (03) දින සවස 2.00ට විහාරමහාදේවි උද්‍යානයෙන් ආරම්භ වූ අතර එයට පොල්ලෙබැද්ද ආදී වාසී උප නායකයා ඇතුළු ආදිවාසීන් පිරිසක් ඔවුන්ගේ සංස්කෘතිකාංග ද ඉදිරිපත් කරමින් සහභාගිවී තිබීම කැපී පෙණුනි.

“මහ ලොකු පුටුවල ඉන්න එවුන් මේව දන්නැතී – මේ මහ කරුමය කවදා හෝ උන්ට පල දෙතී” යන විරිදුව ද ගායනා කරමින් ආරම්භ වූ විරෝධතා පෙළපාලිය ජනාධිපති ලේකම් කාර්යයාලය දක්වා ගමන් කළේය.

එහිදී මාධ්‍ය ඇමතූ පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන්; ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වී මේ වනවිට ඉක්ම ගොස් ඇති මාස 15ක කාළය තුළ රටේ රක්ෂිත වනාන්තර, ජාතික වනෝද්‍යාන, ස්වාභාවික රක්ෂිත වනාන්තර, කැලෑ ඉඩම් ඇතුළු වනාන්තර පද්ධති 270කට අධික ප්‍රමාණයක අක්කර 62,000ක් විනාශ කර ඇති බවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේත් වන ජීවී දෙපාර්තමේන්තුවේත් වාර්තා වල සඳහන්ව ඇති බව හෙළිදරව් කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More