අද (03) දින මහනුවර, ගලගෙදර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසා සිටියේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මස අවසානයට පෙර ලබා දීමට හැකිවනු ඇති බවයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, උසස් පෙළ විභාගයට පෙනී සිටි එම දරුවන්ට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේදී ප්‍රමාදයක් සිදු නොවනු ඇතැයි තමා අපේක්ෂා කරන බවය.
මේ අතර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ද ජුනි මාසය වනවිට ලබා දීමටත් ජූලි මාසයේ උසස් පෙළ සඳහා පන්ති ආරම්භ කිරීමටත් හැකි වෙතැයි බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසුවේ ය.
විශ්වවිද්‍යාලවල නේවාසිකාගාර සම්බන්ධ ගැටලුව ඉතා ඉක්මණින් විසඳා විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සඳහා කටයුතු කරන බවත් විශ්වවිද්‍යාල සිසුන්ට එන්නත් ලබා දීමේ හැකියාව පිළිබඳ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ද අධ්‍යාපන අමාත්‍ය මහාචාර් ය ජී.එල්.පීරිස් මහතා වැඩි දුරටත් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...