දේශීය පුවත්

පසුගිය මාර්තු 24 වන දා රජය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කරන ලද යෝජිත කොළඹ වරාය නගර කොමිසම පිහිටුවීමේ පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට සහ නීතියේ බලයට බරපතල තර්ජනයක් ඇති කරනු ඇති බව පසුගිය දා පැවති නීති ප්‍රතිසංස්කරණ ජාතික ව්‍යාපාරයේ මාධ්‍ය හමුවකදී ජ්‍යෙෂ්ඨ නීතීඥ ශිරාල් ලක්තිලක පැවසීය.

මෙම පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, 76 ව්‍යවස්ථා ද 145 සිට 150 දක්වා ව්‍යවස්ථාවන් හි අන්තර්ගත කරුණු කෙරෙහි පැහැදිලි අභියෝගයක් එල්ල කරන බව ප්‍රකාශ කරන ශිරාල් ලක්තිලක, එතුළින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සතු බලතල කොළඹ වරාය නගර භූමි ප්‍රමාණයට අදාළව අත් හැරීම මෙම පනත තුළින් සිදුවන බව වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඒ අනුව ශ්‍රී ලංකා රාජ්‍යයට තරඟකාරී වෙනම ඒකකයක් ලෙස මෙම කලාපයට වර්ධනය වීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට මෙම පනත ඉදිරිපත් කර ඇතැයි ඔහු සඳහන් කළේය.

ශිරාල් ලක්තිලක පෙන්වා දෙන ආකාරයට මෙම පනත් කෙටුම්පතට අනුව යෝජිත කොමිසමට අදාළ භූමියේ අයිතිය ඉඩම් ප්‍රදානයක් ලෙස ජනාධිපතිවරයා විසින් පිරිනැමීමට නියමිත අතර එය ස්ථිර හා සදාකාලික පැවරීමක් වනු ඇත.

තවද මෙම ඒකකයට අයත් හෙක්ටයාර 446 (අක්කර 1102) භූමිය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් දැනට පනවා ඇති පනත් හතක් ප්‍රකාශිතවම අදාළ නොවන බවට බැහැර කර ඇති අතර දේශීය අදායම් පනත, බැංකු වලට අදාළ නීති ඇතුලු තවත් නීති 14 ක් සඳහා ව්‍යාතිරේඛී රෙගුලාසි සෑදීමේ බලය ද අදාළ භූමියේ පාලනය හිමි කොමිසම විසින් දැරීමට නියමිතය.

එතුළින් පාර්ලිමේන්තුව සතු මූල්‍ය පාලන බලතල ද මෙම භූමියට අදාළව පාර්ලිමේන්තුව විසින් අත් හැර යෝජිත කොමිසමට පවරනු ඇත.

එම භූමියට අදාළ බදු හෝ වෙනත් රජයේ ආදායම් ශ්‍රීලංකාවේ ඒකාබද්ධ අරමුදලට බැරවීම මෙම කෙටුම්පත තුළින් බැහැර කර ඇත.

ලෝකයේ කළු සල්ලි ජාවාරමේ තිප්පොළක් ?

එය තුළින් අනාගතයේ ලෝකයේ කළු සල්ලි ජාවාරමේ තිප්පොළක් බවට ද මෙම බිම් තීරුව පත්වීමේ හැකියාවක් පවතී.

එපමණක් නොව සුරාබදු නීතියට පවා ව්‍යාතිරේඛී රෙගුලාසි සෑදීමේ බලය ඇති එකී භූමිය තුළ කැසිනෝ ව්‍යාපාර, ගණිකා වෘත්තිය වැනි චීනයේ දැනටත් නීත්‍යානුකූල ව්‍යාපාර පවා ඇතිවීමේ ඉඩකඩ පෙන්වා දෙන නීතිඥ ලක්තිලක, කොමිසමට විදේශ රාජ්‍යයන් සමග ද ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව සැලසීම දැනට ලංකාවේ පළාත් සභා තුළ පවා ක්‍රියාත්මක නොවන තත්ත්වයක් බවත් එය එම කොමිසමට පූර්ණ ෆෙඩරල් ඒකකයක් ලෙස වර්ධනය වීමට අවස්ථාව සැලසීමක් බවත් පෙන්වා දෙයි.

එම නිසා මෙම පනත ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව සමඟ ගැටෙන පනතක් බැවින් එය ජනමත විචාරණයකින් තොරව බළාත්මක කළ හැකි දැයි උපරිමාධිකරණයේ මතය විමසා බැළිය යුතු වන අතර ඉදිරියේදී මේ පිළිබඳව ජනතාව අතර පුළුල් සංවාදයක් ඇති කල යුතු බවත් දීර්ඝ කාලීනව රටට අයහපතක් තත්ත්වයක් උදාවීම වැලැක්වීම සඳහා කටයුතු කිරීම ජනතාවගේ වගකීමක් බවත් නීතීඥ ශිරාල් ලක්තිලක වැඩිදුරටත් පෙන්වා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More