දේශීය පුවත්

විනය කඩ කිරීම සම්බන්ධයෙන් චූදිකාවක් ලෙස නම් කරමින් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය වෙත ලිපියක් යැවූ සමගි ජන බලවේගයේ විනය මණ්ඩල සභාපතිවරයා කවුරුන්ද යන්න පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පවා නොදන්නා බව ඒෂියන් මිරර් වෙත වාර්තා වේ.

තමා වෙත ලැබුණු ලිපියට සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ඩයනා ගමගේ මන්ත්‍රීවරිය යැවූ පිළිතුරු ලිපිය මේ වන විට ප්‍රසිද්ධියට පත්ව තිබේ.

එහෙත් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය වෙත විනය කැඩීමට හේතු විමසමින් යැවූ ලිපිය මේ වන තුරුත් ප්‍රසිද්ධියට පත්ව නොමැත.

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සජිත් ප්‍රේමදාස මහතා වෙත යැවූ ලිපියේ විනය කමිටුව සභාපතිවරයෙකු තමා වෙත ලිපියක් එවා ඇති බවත් එම ලිපියේ තමාට අදාළ චෝදනා පිළිබඳව සැකෙවින් පැහැදිලි කිරීමක් නොමැති හෙයින් යළිත් මෙවැනි විහිලු විහිළු සහගත ලිපි තමා වෙත නොඑවන ලෙස සජිත් ප්‍රේමදාස මහතා වෙත දැනුම් දීමක්ද කර තිබේ.

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සදහන් කරන මෙම විනය කමිටු සභාපති වරයා කවුරුන්ද යන්න ඒෂියන් මිරර් සමගි ජන බලවේගය ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙකුගෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ මෙම ලිපිය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවය.

සමගි ජන බලවේගය නියෝජනය කරන ජාතික ලැයිස්තු මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකර් මහතාගෙන් මේ ගැන විමසූ විට ඔහු සඳහන් සඳහන් කළේ තමන් ඒ සම්බන්ධයෙන් නොදන්නා බවත් පක්ෂ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර හෝ ජාතික සංවිධායක තිස්ස අත්තනායක යන මහත්වරුන්ගෙන් ඒ ගැන විමසා දැන ගන්නා ලෙසය.

ඒ අනුව ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාගෙන්ද විමසීමක් කළ අතර ඔහුද මේ සම්බන්ධයෙන් දැනුවත් වී නොමැති බව සඳහන් කරන ලදී.

පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් කළ විමසීමකදී දැනගන්නට ලැබුණේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ විශ්වාසය දිනාගත් ජනාධිපති නීතිඥවරුන් යැයි කියාගන්නා දෙදෙනෙකු සිටින බවත් ඩයනා ගමගේ මන්ත්‍රීවරියට යැවූ ලිපිය ඔවුන් දෙදෙනා පක්ෂයේ අන් ජ්‍යෙෂ්ඨයන්ටද නොදන්නවා හොර රහසේම ලිපිය සකසා ඩයනා ගමගේ මන්ත්‍රීවරිය වෙත යවා ඇති බවය.

මෙම ලියුම් හුටපටය තවදුරටත් දුරදිග ගියොත් මෙතෙක් හෙළි නොවූ රහස් කීපයක් හෙළි කිරීමට සිදුවන බවත් ඒවා අධිකරණය ඉදිරියේ දී ප්‍රශ්න සහගත ඒවා විය හැකි බවට ඩයනා ගමගේ මන්ත්‍රීවරිය තමන්ට එවු විනය ලිපිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් යැවූ ලිපියෙන් සජිත් ප්‍රේමදාස මහතා වෙත අනතුරු ඇඟවීමක්ද කොට තිබේ.

ඉකුත් ඔක්තෝම්බර් මස පාර්ලිමේන්තුවේ සම්මත කරගත් 20 වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයේදී පක්ෂයේ මතයට පිටින් යමින් ඊට පක්ෂව දෙවතාවක් ඡන්දය පාවිච්චි කිරීම පදනම් කොටගෙන මෙම විනය කඩ කිරීම සම්බන්ද ලිපිය ඩයනා ගමගේ මන්ත්‍රීවරිය වෙත යවා තිබුණි.
(ඒෂියන් මිරර්)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More