පාස්කු ප්‍රහාරයට සම්බන්ධව අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපනය සඳහා යොමු කරන පළමු කණ්ඩායම පුනරුත්ථාපන ක්‍රියාවලිය තවත් සති දෙකකින් ඇරඹෙන බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි පැවසීය.
වව්නියාව, පූත්තෝට්ටම්හි මේ සඳහා වූ පුනරුත්ථාපන කඳවුර සූදානම් කර ඇති අතර පළමු අදියර සඳහා සියයකට ආසන්න පිරිසක් එක් කිරීමට නියමිතය. මූලධර්මවාදී අවදියේදී බුද්ධි අංශ විසින් හඳුනාගත් අන්තවාදී ප්‍රචණ්ඩත්වයට යොමු නොවූ පිරිස් මේ යටතේ කණ්ඩායම් ලෙස වර්ගීකරණය කර පුනරුත්ථාපනය කිරීමට නියමිතය. මෙම පුනරුත්ථාපන ක්‍රමවේදය ගැන විශේෂඥ දැනුමක් ඇති විදේශ කණ්ඩායම් ගෙන්වා ආරක්ෂක අංශ නිලධාරීන්ට වැඩමුළුවක් ද පවත්වා ඇත.
(අරුණ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...