දේශීය පුවත්

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මාධ්‍යය සාකච්ඡාවකට එක් වෙමින් පවසා සිටියේ වාහන ආනයනය සදහා පනවා ඇති සීමා ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමුකර ඇති බවයි.

කෙසේ වුවද මේ වසර අවසාන භාගයේදී කරුණු සලකා බැලීමෙන් අනතුරුව රජය නිශ්චිත තීරණයකට එළඹෙන බව ඔහු පවසා සිටියේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වමින්,

“වාහන නැවත වරක් ආනයනය කිරීමට පහසුකම් ලබාදීමට මේ අවස්ථාවේ දී සිදුකිරීම අපහසුවෙයි. මේ අවුරුද්දේ අවසානයේදී රජයට සියලුම තත්ත්වයන් සලකා බලා තීරණයක් ගැනීමට හැකියාව ලැබෙයි.තවම විදේශ ආදායම් අපි අපේක්ෂා කරණ තත්වයට පත්වී නැහැ.විශේෂයෙන්ම සංචාරක කේෂ්ත්‍රය තවමත් අභියෝග රැසකට මුහුණ දෙමින් සිටිනවා. තවමත් ලෝකයේ සංචාරක කේෂ්ත්‍රය යථාතත්ත්වයට පත්වෙලා නැහැ. ඒ දුර්වලතාවය තියෙන නිසා අපි රට ඉක්මනින් ඇරලා සංචාරකයින්ට පහසුකම් සලසන ආකාරයට කටයුතු කරන්න අපොහොසත් වී තිබෙනවා. එවැනි තත්වයක සිටියදී පවා අපි බොහෝ දේ දැනටමත් කරගෙන යනවා.” යනුවෙන් පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More