දේශීය පුවත්

විෂ කාරක පොල්තෙල් සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.
ඔහු පවසන්නේ , 2021 මාර්තු 25 වැනි සහ 26 යන දිනවලදී මෙරට සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණයවන පරිදි පාරිභෝගික සේවා අධිකාරිය පොල්තෙල් සාම්පල 55ක් ලබාගෙන ඇති බවයි.

ඒ අතුරින් සාම්පල 8ක හැර අනෙක් සියල්ලේම ඇෆ්ලටොක්සීන් අන්තර්ගතව ඇති බව එම නිවේදනයේ සඳහන් ය.

එයින් සාම්පල 14ක විෂ කාරක අගය 5 සිට 10 දක්වා තිබී ඇති අතර තවත් සාම්පල 6ක ඇෆ්ලටොක්සීන් අගය 10 ඉක්මවා අන්තර්ගත වී ඇති බව ද මෙහි දැක්වේ.

මෙම සාම්පල සියල්ලම සාමාන්‍ය වෙළෙඳපොළෙන් ලබාගත් ඒවා බැවින්, දැනට වෙළෙඳපොළේ ඇති පොල්තෙල් පරිභෝජනය ඉතා භයානක හා අනතුරුදායක බව ද විජයදාස රාජපක්ෂ මහතා මෙම නිවේදනයෙන් අවධාරණය කර තිබේ.

ඔහු පවසන්නේ, පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්. එල්. ඩී. නිරෝෂන මහතා අප්‍රේල් 01 වැනිදා පැවසූ පරිදි අදාළ සාම්පලවල මිනිස් සිරුරට අහිතකර ඇෆ්ලටොක්සීන් නොමැති බවට කළ ප්‍රකාශය ඉතා බරපතල අසත්‍යයක් බවයි.

එමගින් හිතමතාම පිළිකා කාරක අඩංගු පොල්තෙල් මහජනතාවට පරිභෝජනයට පොළඹවා මහජනතාවගේ ජීවිත විනාශ කිරීමට තැත් කිරීමක් බවත් ආචාර්ය විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
(සිරස)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More