ජනවාරි මාසයේ ශ්‍රී ලංකා රජය බැංකු වලින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය 63%කින් ඉහළ ගොස් ඇති බවත් රජයට මහ බැංකුවෙන් ලබාදෙන ණය ප්‍රමාණය 176%කින් ඉහළ ගොස් ඇති බවත් ලෝක බැංකු වාර්තාවකින් පෙන්වා දෙයි.
පෙබරවාරි 28 වන විට මහ බැංකුව මිළදීගෙන ඇති භාණ්ඩාගාර බිළ්පත් හෙවත් මුද්‍රණය කර ඇති මුදල් ප්‍රමාණය රුපියල් බිල්ලියන 810ක් වන බව ද එහි සඳහන්.
20202 අවසාන වනවිට; රාජ්‍ය ණය සහ රජය සහතික කළ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් 109.7% ඉක්මවා ගොස් ඇති අතර අය වැය හිඟය දළ දේශීය නිෂ්පාදනයෙන් 12.6%ක් බව ද ලෝක බැංකු වාර්තාව පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ පුළුල් වෙමින් ඇති ණය බර; කොවිඩ් වසංගතය මෙන්ම විදේශ විනිමය හිඟය හමුවේ තවත් වර්ධනය වනු ඇති බවට ලෝක බැංකුව අනතුරු අඟවා සිටී.
මෙම තත්වයන් යටතේදී වුවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2021 වසරේදී 3.4%කින් සහ 2022 වසරේදී 2.0%කින් වර්ධනය වනු ඇති බවට ලෝක බැංකුව පුරෝකථනය කරයි.
දැනට වසර 60කට පෙර 1961 අප්‍රේල් 12 වන අද වැනි දිනකදී තම මවු බසින් "Poyekhali!" (Let's Go!) යනුවෙන් පවසා ලොව අභ්‍යවකාශ තරණයේ...
පසුගිය 46 වන ජිනීවා සැසිවාරයේදී ශ්‍රී ලංකාව විසින් ඉල්ලා සිටින ලද "ගෑෂ්" වාර්තා ලබාදීම එංගලන්තය විසින් ප්‍රතික්ෂේප කර තිබීම...
මේ රටේ අතිමහත් පොදු ජනතාව ඉතා බලවත් බලාපොරොත්තු පෙරදැරි කරගනිමින් ගොඩනඟාදුන් ගමනක් එහි අඩුපාඩු නැති කොට, වඩා සවිමත්ව ඉදිරියට ගෙනයාමේ වගකී...