ක්‍රීඩා පුවත්

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන එම්.ඒ.කේ. පටාවුඩි දේශනය සඳහා කරන ලද ආරාධනය ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර සංගක්කාර විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ‘ස්කයි ස්පෝර්ට්’ ආයතනයේ ක්‍රිකට් විස්තර විචාරකයකු වශයෙන් එංගලන්ත ඕස්ට්‍රේලියා එක්දින ක්‍රිකට් තරගාවලියේදී කටයුතු කිරීම සඳහා ගිවිසුම් අත්සන් කර තිබීම හේතුවෙන් ජුනි මස දෙවැනි සතියේදී පැවැත්වීමට නියමිත මෙම දේශනයට සහභාගී වීම කුමාර් සංගක්කාර විසින් ප්‍රතික්ෂේප කර ඇත.

කුමාර් සංගක්කාර එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව එම දේශනය පැවැත්වීම සඳහා එංගලන්තයේ හිටපු නායකයකු වන නසාර් හුසේන්, එංගලන්ත හිටපු ක්‍රීඩක කෙවින් පීටර්සන් සහ ඉන්දීය හිටපු නායක සව්රව් ගංගුලිගේ නම ද යෝජනා වී තිබුණද නසාර් හුසේන්ගේ ද සහභාගීත්වය අවිනිශ්චිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබිණි. නමුත් මේ සම්බන්ධව දේශකයකු නම් කිරීම සම්භන්දයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තුළ මත දෙකක් පවතින බවටද එකී වාර්තාවන්හි සඳහන්ය.

කෙසේ වෙතත් මෙම දේශනයට “ක්‍රිකට් මඟින් සාමය සහ තිරසරභාවය” ඇතුළු ප්‍රධාන මාතෘකා තුනකින් එකක් තෝරා ගැනීමට නියමිත බවද පැවැසේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More