දේශීය පුවත්

ජාතික ජන බලවේගයේ නිරූපමා සේරසිංහ තමන් සමග ගත් පින්තුරයක් අවභාවිත කළේ යයි ගම්පහ අඩවි වන නිළධාරීණී දේවානී ජයතිලක සඳහන් කර සිටිනවා.

ඇය තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ ඉදිරියේදී කිසිදු අයෙකු හා ඡායාරූප ගැනීමෙන් තමන් වලකින බවයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් තම අප්‍රසාදය හා කනගාටුව ප්‍රකාශ කරන බවත් තමන් කිසියම් දේශපාලන පක්ෂයට ලැදි බව ඇඟවීමට උත්සාහ දරන්නේ නම් එය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් ඇය සඳහන් කර තිබේ.

ඒ පිළිබඳව ඇයගේ මුහුණු පොතේ තබා ඇති සටහන මෙසේය: නීති සහය ලබාදෙන බව පවසමින් පැමිණ මා සමග ගත් ඡායාරූපය අවභාවිතා කළ නිරූපමා සේරසිංහ (ජාතික ජන බලවේගයේ) මහත්මියගේ සිදුවීමෙන් පසු මින් ඉදිරියට කිසිදු අයෙකු හා ඡායාරූප ගැනීමෙන් මා වළකින බව කණගාටුවෙන් දැනුම් දෙමි. මා කිසියම් දේශපාලන පක්ෂයට ලැදි බව ඇඟවීමට යම්කිසි පක්ෂයක් හෝ පුද්ගලයෙකු උත්සාහ දරන්නේ නම් එය පිළිකුලෙන් යුතුව හෙළා දකිමි. මේ සිදුවීම සම්බන්ධව මගේ දැඩි පිළිකුල සහ අප්‍රසාදය ප්‍රකාශ කරමි.
(මව්රට)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More