බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (BIMSTEC) ඊයේ (01) දින මාර්ගගත සන්නිවේදන තාක්ෂණය ඔස්සේ කොළඹදී පැවති අමාත්‍යවරුන්ගේ රැස්වීමට ශ්‍රී ලංකා රජය ඉකුත් මාර්තු 02 වැනිදා මියන්මාරයේ විදේශ අමාත්‍යවරයාට කරණ ලද ආරාධනය පරිදි එරට හමුදා පාළනයේ නියෝජිතයකු සහභාගි වී තිබේ.
බංග්ලාදේශ, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන රටවල් ඊයේ පැවති රැස්වීම සහභාගි වූ බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
හමුදා පාලනයේ විදේශ ඇමති වුන්නා මවුන්ග් ල්වින්ට මෙම රැස්වීමට සහභාගි වන ලෙසට ආරාධනා කර තිබුණද මීට සහභාගි වී ඇත්තේ මියන්මාරයේ ජාත්‍යන්තර සහයෝගීතා අමාත්‍ය යූ කෝ කෝ ලායිං බව වාර්තා වේ.
එම සංවිධානයේ සභාපතිත්වය සහ අමාත්‍ය රැස්වීමේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් දරනු ලැබූ අතර, විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන විසින් මෙම ආරාධනාව සිදුකරනු ලැබ තිබිණි. මියන්මාරය තුළ දැඩි මර්දනකාරී පාලනයක් ගෙනයමින් සිටින හමුදා පාලනයට මේ සඳහා ආරාධනා කිරීම මියන්මාර සිවිල් ක්‍රියාකාරීන් ද දැඩි ලෙස විවේචනය කළ අතර සමාජ මාධ්‍ය ඔස්සේ ද මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් ශ්‍රී ලංකාවට එල්ල වී තිබුණි.
එම සමාජ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ සභාපතිත්වය දරන රට සහ මෙම අමාත්‍ය රැස්වීමේ සත්කාරක රට ලෙස, මෙම වසර අග භාගයේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට අපේක්ෂිත 5 වැනි බිම්ස්ටෙක් සමුළුව පිළිබඳ ලේඛනවල කටයුතු අවසන් කිරීමේ අරමුණින් යුතුව, සාකච්ඡාවලට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාව විසින් සියලුම සාමාජික රටවලට ආරාධනා කළ බවයි.
කෝ කෝ ලායිං හමුදා පර්යේෂකයෙකු හා ලේඛකයෙකු වන අතර මියන්මාරයේ ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන දේශපාලන උපදේශකයෙකු ලෙස කටයුතු කළ අයෙකි.
තොරතුරු පහත ලින්ක් එකෙන්
https://colombogazette.com/2021/04/01/myanmar-junta-attends-bimstec-meeting-chaired-by-sri-lanka/
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...