දේශීය පුවත්

කේරළ මුහුදේදී අල්ලාගනු ලැබූ “රවිහංසි” නමැති ශී‍්‍ර ලාංකික ධීවර යාත‍්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය කිලෝ 300 මෙන්ම කැලෂිනකෝව් (AK-47) අවි සහ වෙඩි උණ්ඩ ඉරාන පාකිස්තාන් මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක ඒජන්සිය මගින් සොයාගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය තොගය සහ අවි හුවමාරුව සිදුවී ඇත්තේ ඉන්දීය ලක්විද්වීප දූපත අසල දී වන අතර එල්.වයි. නන්දන, එහ්.කේ.ජී.බී.දේශප්‍රිය, එස්.එස්.ගුණසේකර, එස්.ඒ.සෙනරත්, ටී.රණසිංහ සහ ඩී.නිශ්ශංක යන සැකකරුවන් 06 දෙනාද අත්අඩංගුවට පත්වී තිබේ.

ඉන්දීය බළධාරීන් තවදුරටත් හෙළි කළේ පසුගිය නොවැම්බර් මස එම දූපත අසලදී ෂෙනායා දුව නමැති ශී‍්‍ර ලාංකික ධීවර යාත‍්‍රාව සහ අවි පහත් සමග හෙරොයින් කිලෝ 160 ක් අල්ලාගත් බවයි.

“රවිහංසි” ධීවර යාත‍්‍රාවේ තිබී සොයාගත් කැලෂිනකෝව් අවි ඉරාන මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලය සැපයූ බව සනාථ වී ඇත.

මේ අතර රජයේ ආරංචි මාර්ග පැවසුවේ අසුවූ කැලෂිනකෝව් අවිවල අනුක‍්‍රමික අංක දත්ත වල තොරතුරු ලබාදෙන ලෙස ඉන්දීය බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බවයි.

මේ අනුක‍්‍රමික අංක ඉරාන සහ රුසියානු එස්.එස්.බී. බුද්ධි සේවාවන්ට යවා ඒ ගැන තොරතුරු ලබාගැනීමට කි‍්‍රයා කරනවා යැයි ඉහළ පෙළේ ආරක්‍ෂක අංශ පැවැසීය.

මේ අතර අවි ජාවාරමක් කි‍්‍රයාත්මක වන බව බුද්ධි සේවා විසින් රජයට අනතුරු අඟවා ඇත.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.aninews.in/news/national/general-news/300kg-heroin-arms-seized-from-sri-lankan-fishing-vessel-6-arrested20210330232137/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More