සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමට සහ එට්‌කා ගිවිසුමට එරෙහිව හෙට (17 දා) රට පුරා රෝහල්වල වෛද්‍ය වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කෙරේ.
මෙම වැඩ වර්ජනය හෙට පෙරවරු 8.00 සිට අනිද්දා (18 දා) පෙරවරු 8.00 දක්‌වා ක්‍රියාත්මක කරන බව පැවසූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ සම්බන්ධයෙන් ආණ්‌ඩුව ප්‍රතිචාර නොදක්‌වන්නේ නම් දෙවැනි පියවර ලෙස රට පුරා අඛණ්‌ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවද කීය.
අඛණ්‌ඩ වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන්නේ සෙසු වෘත්තීය සමිති සමග එක්‌ව බව කී වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙවැනි ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සඳහා මේ වනවිටත් ඒ ඒ වෘත්තීය සමිති සාකච්ඡා පවත්වමින් සිටින බවද කීය.
කෙසේ වෙතත් හෙට දිනයේ ළමා රෝහල, පිළිකා රෝහල සහ වකුගඩු ප්‍රතිකාර ඒකකවල වෛද්‍ය වර්ජනය සිදු නොකරන බවත් හදිසි ප්‍රතිකාර ඒකක අඛණ්‌ඩව ප්‍රතිකාර කටයුතු සිදු කරන බවත් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීවේය.
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...