දේශීය පුවත්

පාස්කු දිනය සැමරීම වෙනුවෙන් ජනතාවට සැපයිය යුතු උපරිම ආරක්ෂාව මේ වන විට ලබාදී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද උදෑසන “දෙරණ අරුණ“ වැඩසටනට එක්වෙමින් යුද හමුදාපතිවරයා එම අදහස් පළ කළේය.

යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, දේව මෙහෙයන් සඳහා සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් කිසිදු බියකින් තොරව සහභාගී වන ලෙසය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදාපතිවරයා,

“සෑම දේවස්ථානයකට ම ආරක්ෂාව සැපයීම ඉතාමත් අපහසු වෙන්නට පුළුවන්. දේවස්ථානවල විතරක් නෙමෙයි මීට අවුරුදු දෙකකට පෙර පාස්කු ප්‍රහාරය හමුවේ ඇතැම් හෝටල්වලටත් ප්‍රහාර එල්ලවුණා. ඒ හෝටල්වලින් හමුදා ආරක්ෂාව ඉල්ලනවා නමුත් පොදුවේ පොලීසිය විසින් මේ සැබැඳිව ක්‍රියාකරලා තියෙනවා. ඊට අමතර අතිගරු ජනාධිපතිවරයා විසින්, ගරු අග්‍රාමාත්‍යතුමා, ආරක්ෂක කවුන්සිලයේදී මේ පිළිබඳ උපදෙස් දීලා තියෙනවා. මේ අනුව පොලීසියට අමතරව ත්‍රිවිධ හමුදාව විසින් ජනතාවට අවශ්‍ය සුදුසුම ආරක්ෂාව ලබාදීලා තියෙනවා. සමහර වෙලාවට එම ස්ථානයේම ආරක්ෂාවට හමුදාවේ හෝ පොලීසියේ අය සිටියේ නැති වුණත් හැකිතාක් දුරට අපි උත්සහ කරනවා ලබාදෙන්න. සෑම ස්ථානයකටම දාන්න බැරි වුණාත් පොදුවේ ප්‍රදේශයේ ආරක්ෂාව සපයන ක්‍රමවේදයක් යටතේ අපි සැලසුම් සකක්කරලා. මේ සතිය පටන් ගද්දිම මේ සැලසුම් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉදිරි දින දෙකෙත් මේ ආකාරයෙන්ම ක්‍රියා කරනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More