දේශීය පුවත්

ආනයනික පොල් තෙල්වලට වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීමට අවසර ලබාදෙමින් 2016 වසරේ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබූ බව පසුගිය දිනක ජාතික නිදහස් පෙරමුණු මන්ත්‍රී මුසම්මිල් මහතා පාර්ළිමේන්තුවේදී අනාවරණය කර තිබූ අතර එම ගැසට් නිවේදනය අවලංගු කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව අදාළ ගැසට් නිවේදනය අවලංගු කරමින් ආනයනික තෙල් සඳහා වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීම වැළැක්වීම සඳහා වූ නව ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන පාරිභෝගික සේවා අධිකාරියට උපදෙස් ලබාදී තිබේ.

බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා පවසන්නේ;

“වර්තමානයේ ආනයනික තෙල් මිශ්‍ර කිරීම්වලට ලක්වීමට ප්‍රධානම ​හේතුව මෙම ගැසට් නිවේදනය බවයි. ‘‘පසුගිය රජය දෙදාස් දාසයේ ඔක්තෝබර් හත්වැනිදා නිකුත් කරලා තියෙන මේ ගැසට් නිවේදනය මගින් ආනයනය කරනු ලබන තෙල් වර්ග මිශ්‍ර කර ඇත්නම් ලේබල්වල ඒ බව සඳහන් කළ යුතු බව සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. මේ ගැසට් නිවේදනය නිසා තමයි විවිධ වර්ගයේ තෙල් වර්ග කලවම් කරපු තෙල් ලංකාවට ආනයනය කරලා තියෙන්නේ.”

“මේ තත්ත්වය හෙළිදරව් කරගන්න පුළුවන්කම ලැබුණා. භාණ්ඩ ආනයනය සම්බන්ධයෙන් නිරන්තර පරීක්ෂාවෙන් ඉන්න සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර නියාමන අංශයත්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයත් විසින් ආනයනය කරනු ලැබූ පොල් තෙල්වල පිළිකා කාරක අඩංගු බව නිර්දේශ කළා. ඒ අනුව ඒ භාණ්ඩ තොග ප්‍රතිඅපනයනය කරන්න රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියම කරලා තියෙනවා. මින්පසු මෙවැනි තත්ත්වයක් ඇති නොවීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මෙම පරණ ගැසට් නිවේදනය අවලංගු කරලා නව ගැසට් නිවේදනයක් නිකුත් කරනවා.”
(අරුණ)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More