ප‍්‍රධාන පුවත්

පසුගිය මාර්තු 23 වන දින පකිස්තාන ජනරජ දිනය සැමරීම නිමිත්තෙන් සුභ පතමින් අග්‍රාමාත්‍ය මෝදි විසින් පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ට ලිපියක් යවමින් පවසා තිබුණේ ත්‍රස්තවාදයෙන් වැළකීම සහ විශ්වාසය ගොඩනැගෙන වාතාවරණයක් ඇතිකිරීම රටවල් දෙක අතර යහපත් සම්බන්ධතා වර්ධනයට අන්නිවාර්ය අවශ්‍යතාවයක් වන බවයි.

කොවිඩ් ආසාදනයෙන් සුවය ලබමින් සිටි ඛාන් පසුගිය සඳුදා දින එයට පිළිතුරු ලිපියක් යවමින් පවසා ඇත්තේ ප්‍රතිඵල අරමුණු කරගත් වර්ධනාත්මක සංවාදයක් ඇති කරගැනීම සඳහා වාතාවරණය සකසන ලෙස ඉල්ලා සිටින බවයි.

ඉන්දියාව ඇතුළු අසල්වැසි රාජ්‍යයන් සමග සාමයෙන්, සහයෝගීතාවයෙන් ජීවත් වීම පකිස්තානු ජනතාවගේ ද අභිප්‍රාය බවත් විශේෂයෙන් ජම්මු, කාෂ්මීර් අර්බුධය ඇතුළු අනෙකුත් ගැටළු විසඳා ගැනීමේදී දකුණු ආසියාතික රටවල් අතර කල්පවත්නා සාමය මෙන්ම ස්ථාවරත්වය ගොඩනැගීම අත්‍යවශ්‍ය සාධකයක් බව පකිස්තානය අවබෝධ කරගෙන සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

කෙසේ වුවද ඉන්දීයාව ඒ සඳහා මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මැදිහත් වීමෙන් විදේශ කටයුතු ඇමති ෂෙයික් අබ්දුල්ලා බින් සයාද් සහ ඔහුගේ නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් දෙරට හමුදා ප්‍රධානීන් සහ විදේශ ඇමතිවරුන් අතර පැවති සාකච්ඡා සාර්ථක වී ඇති බව පැවසෙන අතර දෙරට අතර දේශසීමාවේ වෙඩි හුවමාරු කිරීම් වලින් වැළකී ස්ථිර සටන් විරාමයක් පවත්වාගෙන යෑමට දෙරටේම හමුදා ප්‍රධානීන් එකඟ වී තිබේ.

ඉන්දියාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස් වනවිට මුස්ලිම් බහුතරය විසූ කළාපය පකිස්තානය ලෙස වෙන්වන අතර බහුතරය මුස්ලිම්වරුන් වන කාෂ්මීරය මුල්කරගනිමින් දෙරට අතර දීර්ඝකාලීන අර්බුධයක් පවතී.

කාෂ්මීර ප්‍රශ්ණය නොමැති නම් දෙරට අතර අර්බුධයක් නොමැති බව ඉම්රාන් ඛාන් මෙන්ම එරට හමුදාපති ජවාද් බද්වා ද පවසා තිබුණි.
තොරතුරු පහත ලින්ක් එකෙන්
https://news.dgmartpro.com/world/china-happy-with-efforts-to-improve-relations-between-india-and-pakistan-foreign-ministry-says-good-omens-142540/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More