දේශීය පුවත්

මේ වන විට ඇස්ට්‍රාසෙනෙකා එන්නත කොවිඩ්19 වෛරසය මර්ධනය පිණිස ලබා දීම ලෝකය පුරා බොහෝ රටවල් විසින් අත් හිටුවා ඇත්තේ එම එන්නත ලබා ගැනීමෙන් පසු පුද්ගලයින් සැලකිය යුතු පිරිසක් එමගින් ඇතිවන සංකූලතා හේතුවෙන් මිය යාම නිසාවෙනි. මිය යන පිරිස් මොළයේ නහර වල  ඇතිවන ලේ කැටි ගැසීම නිසා ඇතිවන සංකූලතා හේතුවෙන් මිය ගොස් ඇති බව  මෙතෙක් කර ඇති වෛද්‍යය අධ්‍යයනයන් මගින් තහවුරු වී තිබේ.ජර්මනියේ පුද්ගලයින් 14 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව වාර්තා වේ. එසේම මෙම එන්නත ලබා ගැනීමෙන් මිය යන පුද්ගල අනුපාතය දිනපතා ඉහළ අගයක් ගන්නා බවද පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කළ එන්නත ලබා ගත් පුද්ගලයන් තුන් දෙනෙකු පමණ මිය ගොස් ඇති බව වාර්තා වී ඇති බව සැලවෙන නමුදු එසේ මිය ගිය අය සම්බන්ධ තොරතුරු හැකි තරම් වසන් කිරීමට මෙම එන්නත ශ්‍රී ලංකාවේ කොවිඩ්19 වෛරසය මර්ධනය කිරීම පිණිස සුදුසු යැයි ප්‍රබලව පෙනී සිටින සෞඛ්‍යය අංශයේ ඉහළ නිළධාරීන් කටයුතු කරන බව පෙනී යන බව පැවසේ.ඔවුනට අනුව කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් මිය යනගණනට සාපේක්ෂව එන්නත ලබා ගැනීමෙන් මිය යන ගණන ඉතා අඩු මට්ටමක පවතී.

මේ සම්බන්ධයෙන් ඖෂධවේදය සම්බන්ධ විශේෂඥවරියක අප හා අදහස් දක්වමින් පවසා සිටියේ ” ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගැනීමෙන් මිය යන පුද්ගලයින් ගණන කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් මිය යන පුද්ගලයන් ගණනට සාපේක්ෂව ඉතාම අඩු බව සත්‍යයක්.නමුත් මේ මිය යන්නේ ඉතාම නිරෝගී කොවිඩ් වෛරසය වලක්වා ගැනීමේ අරමුණින් එන්නත් කරන වැඩසටහනට සහභාගි වන පුද්ගලයන්. කෙනෙක් තර්ක කළ හොත් ශ්‍රී ලාංකිකයන්ව පර්යේෂාණාගාර මීයන් බවට පත් කිරීමට ඇස්ට්‍රසෙනෙකා නිෂ්පාදන සමාගම උත්සහා කරනවාද කියා එකවරම නැත යැයි පිළිතුරු දීමට තරම් ප්‍රභල කරුණු මේ එන්නත දිගටම ලබා දිය යුතු යැයිද චීනයෙන් ආනයනය කළ සයනොෆාම් එන්නත බාල වර්ගයේ එකක් යැයිද තර්ක කරණ  සෞඛ්‍ය අංශ බලධාරින්ට නැහැ. ඒ වගේම චීන සයොනොෆාම් එන්නත භාවිතයට ගන්නා රටවලින් මෙතෙක් එම එන්නත ලබා ගැනීමෙන් ජීවිත හානි හෝ වෙනත් සංකූලතා ඇති වූවා යැයි වාර්තා වී නැහැ. එකම ගැටලුව වඩා සාර්ථක ප්‍රථිඵල ලබා ගැනීමට එම එන්නත නිෂ්චිත කාල රාමුවකදී කිහිප වතාවක් එන්නත් කිරීමට සිදු වීමයි. නමුත් පුද්ගල මරණ සිදු නොවීම එහි ඇති ප්‍රභල වාසියක්.” යනුවෙනි.

ඖෂධ මාෆියාව සම්බන්ධව අධ්‍යයනය කරන මාධ්‍යයවේදියෙකුට අනුව ඇස්ට්‍රසෙනෙකා ඖෂධය නිෂ්පාදනය කරන සමාගම තම ඖෂධ වගර්‍ අලෙවි කර ගැනීමට සමහර රටවල සෞඛ්‍යය අංශවල බලධාරින් මිළදී ගත් අවස්ථා දක්නට ලැබෙන බව පැවසේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More